42 කොටස

417 150 55
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් ට ටේහ්‍යුන්ගෙ විශ්වවිද්‍යාලයෙ අවසන් දවසට පෙර ගෙවන්න තියන සල්ලි ටික , ජන්කුක් ගෙ කුලිය කුඹල් කාරයාගෙන් අර ගන්න ඕනෙ නිසා ජන්කුක් ඔහු අසලට ගියේ සුන්හී වත් වඩාගෙන. ටේහ්‍යුන් ගෙදර හිටපු නැති නිසා සුන්හී එක්කම ජන්කුක් එලියට ආවේ ඔහුට ලොකු වැඩක් තිබුනෙ නැති නිසා.

ජන්කුක් පෙර දිනක තෙමි තෙමී භාණ්ඩ අලෙවි කරපු නිසා ඔහු හොඳටම අසනීප වෙලා හිටියෙ. ජන්කුක් ට හොඳටම උණ ගැනිලා තිබුනත් ඔහුගෙ හිත සතුටින් පිරිලා ගිහින්. කුඹල් කාරයාව හොයාගෙන ගෙදරටම ගියපු ජන්කුක් ගෙ අතට කුඹල් කාරයා සල්ලි දුන්නත් ජන්කුක් ගනන් හදපු විදියට කාසි පහක් අඩුයි.

"ඒත් කාසි පහක් අඩුයිනේ මහත්තයෝ"

ජන්කුක් කියනකොට ඔහු ජන්කුක් දෙස රවලා බැලුවා.

"ඕක තමයි ගාන. දැන් මෙතනින් යනවා"

ඔහු තරහෙන් කියනකොට ජන්කුක් ගෙ හිත රිදුනත් සුන්හී ඉන්න නිසා ජන්කුක් ඇඩුවේ නැහැ.

"ඒත් ජන්කුක් ගෙ කුමාරයාට ජන්කුක් ට දෙන්න සල්ලි මදිනෙ. කාසි පහක් ඕනෙ කුමාරයාගෙ විශ්වවිද්‍යාලට ගෙවන්න"

ජන්කුක් කියනකොට ඔහු කෝපයෙන් ජන්කුක් දෙස බැලුවේ ජන්කුක් ව එලවා ගන්න හිතාගෙන.

"ඉතින් ඒක මගෙ ප්‍රශ්නයක්ද කොල්ලො?"

ඔහු තරහෙන් කියනකොට ජන්කුක් කාසි මල්ල සාක්කුවට දාගෙන සුන්හීව තුරුලු කරගෙන බිම බලා ගෙන හිටියම කුඹල් කාරයාට ජන්කුක් ගැන අනුකම්පාවක් දැනුණා. ඔහුට දරුවෙක් හිටියත් ඔහුත් දරුවෙක් කියලා ඔහුට තේරුම් ගිහින් තිබුණෙ. සුසුමක් හෙලපු ඔහු ජන්කුක්ට බැඳපු මුට්ටි තුනක් දිග් කලාම ජන්කුක් පුදුමෙන් බැලුවා.

"තඹ කාසියක් ගෙවලා ගන්න. මේක තම කාසි තුනක් වත් වටිනවා. තඹ කාසි හයකට ඕක විකුණනා ගන්න. එතකොට ජන්කුක් ඕනෙ කාසි පහ හම්බෙයි. මම කියන එක ජන්කුක් ට තේරෙනවාද?"

ඔහු ඇසුවත් ජන්කුක් ට එය තේරුනෙ නැහැ. ජන්කුක් ට එය තේරුනෙ බරපතල ගණිත කර්මයක් වගෙ.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now