29 කොටස

435 141 103
                                    

කමෙන්ට් ගෝල් 50

"ඒයි ජන්කුක් , මොන මගුලක්ද ඔය කරන්නෙ?"

සැඳෑ වරුවේ ඇලිස් හදපු රසම රස මාලු බැදුම කන ගමන් මුළුතැන්ගෙයි එලියෙ වාඩි වෙලා හිටපු යුන්ගී තරහෙන් අහනකොට හොසොක්ගෙ අවධානයත් ජන්කුක් ට යොමු උනා.

හොසොක් යුන්ගී දිහා පුදුමෙන් බැලුවේ ජන්කුක් එතන වැවුනු කැලෑ රෝස පඳුරකින් කඩපු රෝස මල් අරගෙන පොඩි කරලා තමන්ගෙ ඇඳුමේ ගා ගන්නවා දැක්ක නිසා. හවස් වරුවේ වැඩ අවසන් උනාට පස්සෙ ජන්කුක් නානවා දකින එකට ඔවුන් පුරුදු වෙලා හිටියත් ජන්කුක් ගෙ මේ වගේ හැසිරීමක් ඔවුන්ට දරා ගන්න අමාරු උනා.

"ඒයි ජන්කුක්. මම තමුන්ට කතා කරන්නෙ!!"

යුන්ගී කෑ ගහනකොට ජන්කුක් හිමීට ඔලුව හරවලා බලලා අහිංසක විදියට හිනා උනා.

"යුන්ගී?

"මෙහෙ එනවා"

යුන්ගී ජන්කුක් ට අතින් තමා අසලට එන්න කියලා සංඥා කරනකොට හිස බිමට නැඹුරු කර ගත්ත ජන්කුක් හිමීට යුන්ගී ගාවට ඇවිත් බිම බලා ගෙන හිටියා. ජන්කුක් ගෙ අත් දෙක තාමත් පොඩි කරපු රෝස මල් ගුලි වෙලා.

"මොනවද ඔය කරන්නෙ? රෝස මල් පොඩි කරගෙන ඇඳුමේ ගාන්නෙ?"

යුන්ගී ජන්කුක් ගෙන් ප්‍රශ්න කරනකොට ජන්කුක් තොල් දෙක උල් කර ගත්තෙ ජන්කුක් ට ටිකක් ලැජ්ජා හිතුන නිසා.


"ජන්කුක්.... ජ... න්කුක් ගාව දාදිය ගඳ නිසා රෝස මල් පොඩි කරලා ඇඳුමේ ගා ගත්තෙ. ජන්කුක් ගාව සුවඳ විලවුන් නෑනේ"

ජන්කුක් බිම බලාගෙන කියනකොට හොසොක් යුන්ගී දිහාත් යුන්ගී හොසොක් දිහාත් බලා ගත්තා. ටිකක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටපු ඔවුන් දෙන්නා පහක් දාගෙන හිනා උනේ ජන්කුක් ගෙ කෝලම් වලට හිනා යන නිසා.

"අද... අරයා එනවාද ජන්කුක් බලන්න?"

හොසොක් අහනකොට ජන්කුක් ගෙ කම්මුල් ලැජ්ජාවට රතු උනා


"ජන්කුක් ගෙ කුමාරයා.  ආආආ..ආ... ආ... යුන්ගී බලනවාකො මේකා රතු වෙලා"

හොසොක් ජන්කුක්ගෙ කරට අත දාගෙන කියනකොට ජන්කුක් බිම බලාගෙන හිනා උනා. ජන්කුක් ගෙ බඩට විහිළුවට වගෙ හිමින් ගහපු හොසොක් කටහඩ අවධි කලා.


Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now