20 කොටස

494 162 50
                                    

කමෙන්ට් ගෝල් 50

"කුමරුනි ජන්කුක් එක්ක නටන්න කැමතිද"

ටේහ්‍යුන් වේගයෙන් කැරකෙමින් නර්තනයේ යෙදෙන විවාහක යුවලක් යැයි සැලකිය හැකි පිම්බුන අලංකාර ගවුමකින් සැරසුනු ගැහැණියක් හා  ලිහිල් කමිසයක් හා දුඹුරු පාට දිගු කලිසමකින් සැරසුණු පිරිමියෙක් දෙස ආශාවෙන් බලා සිටිනවා දුටු ජන්කුක් ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙන ඇසුවා. ටේහ්‍යුන්ගෙ දෑස් ඒ පිරිමියා තමාගෙ බිරිඳව දෑත් වලින් ඔසවා කරකවන විට දිලිසුනු අයුරු දුටු ජන්කුක් ටත් කුමාරයා සමග එලෙස නර්තනයේ යෙදෙන්න ආශාවක් ඇති උනා.

"අනිවාර්යයෙන්ම මගෙ හොර කොල්ලො. අනිවාර්යයෙන්ම"

ටේහ්‍යුන් ආශාවෙන් කියනකොට ජන්කුක් හිමිහිට ටේහ්‍යුන් ගෙ අතින් අල්ලගෙන අහිංසක විදියට ටේහ්‍යුන් සමග හිනා වෙනකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ කම්මුල අත ගෑවා. ඊළග මොහොතේ දී සිනා සුනු ටේහ්‍යුන් ජන්කුක්වත් ඇදගෙන එතැන වට වෙලා හිටපු මිනිසුන් තෙරපගෙන නර්තනයේ යෙදෙන මධ්‍යයට ඇවිදගෙන ගියේ ජන්කුක් ලැජ්ජාවෙන් කම්මුල් රතු කරගෙන ඉන්නකොට.

ප්‍රභූ පවුලකින් පැවත ආ ටේහ්‍යුන් විවිධ නර්ථන සම්ප්‍රධායන් ඉගෙන ගෙන තිබුණු අතර ඔහුට අති උත්කර්ෂවත් ලෙස නර්තනයේ යෙදීමට හැකියාව තිබුනා. ජන්කුක් සමග සිනා සුනු ටේහ්‍යුන් ජන්කුක්ගෙ අතින් අල්ලාගෙන එක් වටයක් කැරකී ජන්කුක් ගෙ අත් අතරට වැටුනේ ඔහුගෙ ගෙල බදාගෙන.

ඊලග මොහොතේ දී ජන්කුක් ගෙ අත් දෙකෙන්ම අල්ලා ගත් ඔහු නර්ථනය ආරම්භ කලෙ එහි නර්ථනයේ යෙදෙමින් සිටි යුවලවල් සියල්ලම පරදමින්.

___

ටේහ්‍යුන් සිනා සෙමින් ජන්කුක් සමග නර්තනයේ යෙදෙමින් සිටියා. ඔහුගෙ හිස වසාගෙන සිටි සලුව ගෙල වටා එතී රැඳී තිබුණු අතර නර්ථන වේදිකාවේ රැඳී සිටියෙ ඔව්න් දෙදෙනා විතරයි. ඔවුන් දෙදෙනාගෙ උත්කර්ෂවත් නර්ථනය බලන්නට පොර කෑ නගර වාසින් ගෙ ඔල්වරසන් හඩින් ශාලාව දෙදරුම් කෑවා.

යමෙක් "ජන්කුක්!! ජන්කුක්!!" කියමින් කෑ ගැසුවත් කිසිවෙකු ටේහ්‍යුන්ව හඳුනා ගෙන තිබුණෙ නැහැ. ජන මාධ්‍ය බෙහෙවින් දුර්වල අවධියක් වූ එකල විවාහ උත්සවයේදී හැර සාමාන්‍ය ජනතාව ටේහ්‍යුන් කුමරායා සැබෑවට දැක තිබුණෙ නැහැ. අනෙක් අතින් ඔහුව දැක තිබුනත් සාමාන්‍ය සේවකයෙකු මෙන් සිටි ඔහුව කිසිවෙක් ට හඳුනා ගන්නට හැකි වූයෙත් නැහැ.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now