37 කොටස

464 144 75
                                    

කමෙන්ට් ගෝල් 50

ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගෙ පපුවට තුරුලු වෙලා අඩන ගමන්. ඔවුන් දෙදෙනා දිහා යුන්ගී , හොසොක් , ජිමින් , සොක්ජින් හා එවුන්වෝ බලාගෙන හිටියා. දේවල් සිදු උනෙ බොහොම වේගයෙන්. ජන්කුක් ට ටේහ්‍යුන්ව රැගෙන දුරකට පැන යන්නට ඕනෑ උවත් ටේහ්‍යුන්ට තනිවම ගැලවෙන්න අවශ්‍ය වූයෙ නැහැ. ජන්කුක් ට ටේහ්‍යුන් හමු උනාට පස්සෙ ටේහ්‍යුන් රජයට බලහත්කාරයෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම පිළිබඳව ලිපියක් එම ගණිකා නිවාසයෙ සිටි බොහෝ දෙනෙකුගෙ අත්සන ඇතිව යැව්ව අතර , ඒ සමගම තවත් විදේශීය ලිපියක් තැපැල් කලත් ඒ කුමක්ද කියා කිසිවෙකු දැන සිටියෙ නැහැ. ජන්කුක් ට ඒ පිලිබදව තේරුමක් නොතිබුනු අතර ඔහුට තේරුමක් තිබුනත් තමාගෙන් ප්‍රශ්න නොකරන වග ටේහ්‍යුන් දැන සිටියා. සති දෙකක් ගත වෙද්දී ගණිකා නිවාසය භාර ස්ත්‍රිය අත්අඩංගුවට ගත් අතර සියලු දෙනාම නිදහස් වූ අතර සොක්ජින් ටේහ්‍යුන් ව ජිමින්ව ඔහුගෙ නිවසට කැඳවාගෙන ආවා.

"ජන්කුක්... අඩන්න එපා. කුමාරයාව දිය වෙයි කඳුලු වලට"

යුන්ගී කීවම ජන්කුක් ඉකි ගහ ගහ ටේහ්‍යුන් දිහා ලොකු කරගත්ත බෝල ඇස් වලින් බලාගෙන ඉන්නකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ කම්මුල් දිගෙ ගලපු කඳුලු පිස දැම්මත් ඔහුගේ ඇස් වලිනුත් කඳුලු වැටුනා.

"හොර.. කො..කොල්ලො අඩන්න එපා"

"කුමාරයා අඩනකොට ජන්කුක්ටත් ඇඩෙනවා"

යුන්ගී කියන දේ අහන්නෙ නැතිව ජන්කුක් ඉකි ගහනකොට ටේහ්‍යුන් බිම බලා ගත්තා. ඔහුට හිමීට අඩන්න පටන් ගන්නකොට ජන්කුක් අඩ අඩ ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ හුරතල් විදියට.

"කුමා...රයා අඩන්නෙ ඇයි? ජන්කුක් නරක නිසා කුමාරයා ජන්කුක් එක්ක තරහ වෙලාද?"

ජන්කුක් අහනකොට ටේහ්‍යුන් හිස දෙපසට වැනුවා.

"හොර කොල්ලා එක්ක තරහ නෑ මම.... ඒත්... හොර කොල්ලො ඔයා මාව අප්‍ර්‍රිය කරනවාද? ම...ම ගොඩක් පිරිමි එ...ක්ක"

ටේහ්‍යුන් ගොත ගහනකොට ජන්කුක් එයාගෙ දාදියෙන් පෙගුණු අතින් ටේහ්‍යුන්ගෙ මුව වැහුවම ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා.

Snow Flower | තුහින පුෂ්පය ~ KookV [completed]Where stories live. Discover now