පළමු දිගහැරුම 👀

1.4K 73 17
                                    

මඟ බලමින් 👀

පළමු දිගහැරුම

" අයිසේ... තමුන් හොටෙල් එක අතු ගාන්නද ඔච්චර දිගට ලෝගුවක් ඇඳගෙන ආවේ ????"

" ෂිට් මේකිට මේ ලෝකේ සිහියක් නෑනේ...අරුන්ගේ චියර් එකට මේකිත් පැද්දෙනවා නලඟන වගේ....ඉන්නේ කොහෙද කියලත් මතක නෑනේ...."

සෞර හර්දේව් ධීරවර්ධන පවසන්නේ නොනිම් කොපයෙන්..ඔහුගේ මේ කෝපයට හේතුවත් ඇයම වෙද්දී ඇගේ මුවින් එකඳු වචනයක් පිටනොවද්දී සෞරට තවත් කේන්ති ගියත් ඔහුට එය දෙදහකට අධික ඔහුගේ පාසලේම ආදි සිසු සිසුවියන් ඉදිරියේ පිට කිරීමට හැකියාවක්ද තිබුනේ නැත...

" තමුසේ ගේ කන් ඇහෙන්නේ නැති වුනාට මට ප්‍රශ්නයක් නෑ...හැබැයි ඔය සරුවාලේ මගේ කකුලට පෑගිලා තමුසේ මෙතන කරනමක් ගැහුවොත් තමුසේටම තමා බැජ් එකේම උන් ඉස්සරහා චාටර් වෙන්න වෙන්නේ....ඒක මතක තියාගන්නවා...."

ආහේලි සභීහා දේවසිංහ තවමත් තාලයට නර්තනයේ යෙදෙමින් සංගීත පුටු තරගයෙන් ඉතිරිව ඇති එකම පුටුව වටා ගමන් කරන්නේ සිය යෙහෙළියන්ගේ ඔල්වරසන් හඬ මැදයි...

" හේලී.....හේලී.......හේලී......හේලී......."

" ඔව් මේ අවස්ථාවේ දී අපිට කරට කර තරඟයක් බලාගන්න පුළුවන්....හොඳයි අපි බලමු මේ සංගීත පුටු තරගයේ ජයග්‍රහණය ලබා ගන්නේ අපේ බයෝ එකේ සෞර ද එහෙමත් නැත්තම් කොමස් එකේ ආහේලි ද කියලා..."

මයික්‍රොෆෝනය අතට ගත් සෞරගේ පාසල් මිත්‍රායා වන මාහීර්ව පවසන්නේ සෞර ඔහුටත් හොද හැටි රවද්දි...

" මේකට අද වත් හිනා වෙලා ඉන්න බෑනේ....පුදුම මූලග්ගින්නක්නේ තියෙන්නේ....කොහිල කටු පිටින් ගිල්ලවන්න කියන්න ඕනේ ආන්ටිට...අර අබීශා කොහොම දීග කන්නද මන්දා මූත් එක්ක..."

මාහීර්ව තනිව මුමුණන්න ගත්තේ සෞරට දත් විලිස්සා සිනාසෙමින්...

" ෂිට්... මේකිට මේ සරුවාලේ පොඩ්ඩක් උස්සගන්න බැරිද???"

සෞර දත් මිටි කමින් පැවසුවත් නොනවත්වාම වාදනය වන සංගීතය නිසා සෞර පවසන කිසිවක් ආහේලිට ඇසුනේ නැත...ඒ කිසිවක් නොදන්න සෞර අහිංසක ආහේලිට බනින්නේ ඇය හිතුවක්කාරකමට ඔහුව ගණන් නොගෙන සිටිනවා කියායි...

මඟ බලමින් 👀Where stories live. Discover now