හයවන දිගහැරුම 👀

509 42 1
                                    

මඟ බලමින් 👀 

සයවන දිගහැරුම 

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

ඇගේ හද ගැස්ම පවා වේගවත් වුනේ ඇය දැඩි සේ කැලබෙද්දී..වේගයෙන් හුස්ම ඉහල පහල හෙලමින් විලවුන් සුවදින් පිරී තිබුනු කාමරය පුරාම  ඇය ඇවිද්දේ කුමක් හෝ සොයමින්…ඇඟේ බියපත් වූ මුහුණ පුරා කන ගාවට එන තෙක්ම විසල් සිනහවකින් සැරසුනේ යේනුගේ මේසය මත තිබුනු චොක්ලට් කූඩය දැකලා…

චොක්ලට් කූඩය පපුවට තුරුළු කරගත් ඇය පරිස්සමට එය ලෙහෙන්න ගත්තේ කාමරයේ අඟලක් නෑරම එන විලවුන් සුවඳින් හදම පුරවා ගනිමින්…

" අද අගෝස්තු 16 ද????? ඇයි මට ඒක අමතක වුනේ….වෙලාව කීයද???"

ආහේලි ඇගේ දුරකථන ගෙන වෙලාව බලද්දී වේලාව රාත්‍රී 11.45 ලෙස සටහන්ව තිබුනා..

මේ සුවද...මේ ස්පර්ශය...මේ චොක්ලට් කූඩය සෑම අවුරුද්දකට අගෝස්තු මස 16 වනදාට ඇයට වරදින්නේ නැත...ඇයට මතක ඇති කාලයක සිටම ඇය පසුදා උදෑසන අවදි වන විට ඇගේ ඇඳ පාමුල විශාල චොක්ලට් කූඩයක් තිබුනා..පාසල් නිවාඩු සමයට ඇය පාසැල් නේවාසිකාගාරයේ නොසිට නිවසට යන නිසා ඇය අද වෙන තුරු සිතා සිටියේ ඒ ඇගේ පියාගෙන් ඇයට සෑම අවුරුද්දකම ලැබුණු තිළිණයක් කියා…

පාසල් නිවාඩුව අවසන් වී නැවත නේවාසිකාගාරයට පැමිණෙන විට ඇය ඇගේ මිතුරියන්ගේද පංගුව ගෙන ඒමට වරද්දන්නේ නැත…

" මේ යේනුගේ ගෙදරනේ….පිට කවුරුවත් එන්නේ කොහොමද????"

ඇයට දැනුයි සිහි වුනේ යේනු ඇදේ නොසිටි බව..චොක්ලට් කූඩය ඇද මත තබා කාමරයෙන් පිටතට එන විට ආහේලි දුටුවේ ස්ටූල් එක මත කකුල් දෙකත් තබා දෙන හිංදි චිත්‍රපටයක් බලනා යේනුවයි…

" යේනු………….."

" ස්ලීපින් බියුටි කැලේ උඹේ නින්දත් එක්ක බලද්දී...දැන්ද නැගිට්ටේ ????"

ඇයට පිළිතුරු නොදී ආහේලි ඇය අසලින් සෝෆාවෙන් හිදගත්තේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රදවාගෙන…

" දැන් ටිකකට කලින් මෙහාට කවුරු හරි ආවද යේනුවෝ….."

" හීනෙන්ද ඇවිදිනවද උඹ???? මේ මහා රෑ මොකා එන්නද????"

මඟ බලමින් 👀Where stories live. Discover now