තුන්වන දිගහැරුම 👀

553 40 5
                                    

මඟ බලමින් 👀 

තුන්වන දිගහැරුම 

ඒ හඬෙහි ඇයිතිකරු ඇයට දෑස් වසාගෙන වුවත් හදුනා ගැනීමට හැකි වුනා..ආහේලි බියටම වෙව්ලමින් ඇය අසලින් නතර කල නවීන මාදිලියේ රෝල්ස් රොයිස් වර්ගයේ කාර් රථය දෙස බැලුවේ විසල් වූ දෑසින්…ඇය තවමත් නිහඬව සෞර දෙසම බලා සිටිද්දී ඔහු නැවතත් හඬ අවදි කලේ පෙර තිබූ කෝපයට නොදෙවෙනි කෝපයකින්….

" තමුසෙගෙන් මන් ප්‍රශ්නයක් ඇහුවේ..ගොට් ඉට්????"

ඔහු ඇයට කෙතරම් කෑගැසුවත් සෞර වෙත තිබූ ඇගේ දෑස් සැනින් ගොස් නතර වුනේ පැසෙන්ජර් ෂීට් එකේ හුන් තරුණිය ලඟයි…

" සෞරගේ වයිෆ් වෙන්න ඇති……"

ඇයටම මුමුණා ගනිමින් මවාගත් සිනහවකින් ඇය හඬ අවදි කලේ වාහනය තුල සිටි තරුණියත් ඇය දෙසම බලා සිටිද්දී…

" මේන් රෝඩ් එක ගාවට යනවා සෞර වීල් එකක් කතා කරගන්න…."

" වට්…..මේ රෑ වීල් එකක්….තමුසෙගේ මොලේ තියෙන්නේ ඉදගන්න තැනද ඕයි….වීල් එකක් කෙසේ වෙතත් වීල් කාරයා තමුසෙව කොහෙ හරි ගුබ්බෑයමකට නම් අදී…."

ඇගේ දෙනෙත් සැනින් කඳුළින් පිරුනේ ඇයව දුටු මොහොතේ සිටම ඔහු ඇයට පවසන්නේ ඇනුම් පදම පමණක් නිසයි..ඇය හැද සිටින ඇඳුමේ සිට ඇගේ කෙස් කළඹ දක්වාම ඔහු නොහොබිනා කතා කියමින් බැන වදිද්දී ඇයට තවත් ඉවසා සිටිය නොහැකි වුනේ ඇය සිටින්නේ දෙනෝ දාහක් සිටිනා මහපාරේ බවද අමතක කරමින්….

" නගිනවා වාහනේට……."

සෞර විධානයක ස්වරූපයෙන් පැවසුවේ ඇය කඳුළු පිරි දෙනෙතින්ම බිමට නැඹුරු වී තිබූ හිස ඔසවා ඔහු දෙස බලද්දී…

" තමුසේ අඩන්න විතරද ඕයි දන්නේ…..ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙනවා නම් මේ ලෝකේ ඉන්න හැම එකාම මුළු මුළු ගානේ අඩ අඩා ඉදීනේ….ලේසි වැඩේනේ...නිකම් වැඩෙන කඳුළුනේ…"

අසරණකමට දෑසින් වැටෙන කඳුළු පවා සෞර හෑල්ලුවට ලක් කරද්දී ආහේලි තවත් මෙතන සිටීමට නොහැකි වුනා...ඇය ආපසු හැරුනේ ප්‍රධාන මාර්ගයට යාමට වුනත් ඇය හුන් තැනම ගල් ගැසුනේ කාර් රථයෙන් බැස ආවේගයෙන් තමා දෙසට එන සෞරගේ කඩවසම් රුවටයි…

මඟ බලමින් 👀Where stories live. Discover now