දහඅටවන දිගහැරුම 👀

463 34 1
                                    

මඟ බලමින් 👀 

දහඅටවන දිගහැරුම 

" උඹ ආයෙත් රතු වෙලානේ….කතා කරපන් හේලියෝ මේක මෙතනින්ම විසඳගන්න ඕනේ නම්….."

යේනු නැවතත් හඬ අවදි කලේ ආහේලි විළියෙන් ඇඹරෙද්දී..

" අප්පත්තිත් එක්ක කම්පෙයාර් (සැසඳුවා) කලා…."

" දැන් උඹ අප්පත්ති කියෙන්නේ සර්ටද නැත්තම්……."

ඇයට කතා කරන්න නොදීම ආහේලි හඬ නැගුවේ යේනුවත් පුදුම කරමින්..

" සුදු අයියාට……"

ආහේලී කොට්ටයෙන් මුහුණ සඟවා ගත්තේ ඇගේ දෙසවන් පවා රතු වෙද්දී...

" අප්පත්තිලු ….සුදු අයියලු….අනේහ් මන්දා බන්…..උඹත් පොඩි එකී වගේනේ තාමත්...මටයි නමිනියටයි තමා මඩු වල්ගෙන් තලන්න ඕනේ උඹව හුරතල් කලාට……"

යේනූ තරවටු ස්වරයෙන් පවසමින් ආහේලිගේ ඉඟටියටත් වඩා දිගු කෙස් කළඹ ගොතන්න ගත්තා…

" කී සැරයක් කම්පෙයාර් කලාත් සෞරවයි ඌවයි……"

" දෙසැරයක්…….ඌ කියන්න එපා බන්…….."

ආහේලි ඉද්ද ගැසුවාක් මෙන් ඇදෙන් හිද ගත්තේ යේනුගේ කට කොනට සිනහවක් නැගෙද්දී...ආහේලි මද කෝපයෙන් සිටිනු යේනු දුටුවත් ඇය එය ගණන් නොගෙනම ඇය දෙසම බලා සිටියේ නියපොත්තක් සපමින්...

" මොකද උඹ නිකම් කින්ඩියට හිනා වෙන්නේ????"

ආහේලි විමසන්නේ පෙර කෝපයෙන්මයි..

" නෑහ් නිකම්…..සෞරටත් ඌ කියලා කී සැරයක් නම් කියලා තියනවද??? සුදු අයියට ඌ කියද්දී ඇයි හේලීට රිදුනේ කියන එකනම් ප්‍රශ්නයක්…"

" සෞරට ඌ බැරි නම් ඕන එකක් කියාගනින් මට ප්‍රශ්නයක් නෑ….හැබැයි අප්පත්තිට කැත විදියට කතා කරගෙන එන්න එපා…"

ආහේලි ඇය නිදනා කොට්ටයෙනුත් යේනුට දමා ගසමින් කාමරයෙන් පිටතට යන්න හැඳුවත් ඇයට නොහැකි වුනේ යේනු ඇගේ තනි කරලට ගෙතූ කොණ්ඩෙයේ අගිස්සෙන් අල්ලා සිටි නිසයි….

" තරහා ගන්න එපා පැටික්කී…..ආය කියන්නේ නෑ...ප්‍රොමිස් (පොරොන්දු වෙනවා)...මන් එකක් කියන්නම් උඹ සෞරට ආදරේ කරන්නේ නෑ…..උඹ ආදරේ කියන්නේ මොකද්ද කියලා වත් තාම දන්නේ නෑ...කොහෙ දැනගන්නද පොත් ගුල්ලි වගේ හිටියා මිසක් ස්කෝලේ යන කාලේ කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා වත් බැළුවද????සෞරට ආදරෙයිලු….ඌ වෙන එකියක්ව බැදලා කියලා දැන ගත්ත දවසේ වත් උඹ අඩුම පැය දෙකක් වත් ඇඬුවද???යකෝ මගේ වගේ නම් පපුව පැලිලා මැරිලා මන් ආදරේ කරන එකා වෙන එකියක් එක්ක ඉන්නවා ඇස් දෙකට දැක්කත්…."

මඟ බලමින් 👀Where stories live. Discover now