විසි හතරවන දිගහැරුම 👀

384 29 3
                                    

මඟ බලමින් 👀

විසි හතරවන දිගහැරුම

" මොකද්ද කිව්වේ පැටික්කී???? මට හරියට ඇහුණේ නෑහ්…"

සධිල් ඔහුගේ නලල ඇගේ නලලෙහි වද්දමින් පවසන්නේ ඇයට හඬින්ම හුස්මක් ඉහලට ඇදෙද්දී….

" අ….ප්ප්…..ත්….තී….හ්"

ඇයට කෙළ පිඬක් ගිලුනා ඉන්පසු ඔහුගේ නාසය ඇගේ නාසය මතින් තැබූ විට..ඇගේ හද ගැස්ම පෙරටත් වඩා වැඩි වෙනවාත් සමඟම ඇය දැඩිව නොසන්සුන් වුනේ ඇගේ කලවා මත තිබුන ඔහුගේ අත ඇගේ කොපුලක් මතින් තබා ඒ දෑඟිලි ඇගේ දෙතොල් පුරා සීරුවට දඟ කරද්දී…

" අප්පත්ති තමා….මොන ගර්ල් ගැනද කිව්වේ දෝණී ආ……………."

ඔහු තියුණු දෑසින් ඇය දෙසම බලා සිටිද්දී ඇගේ දෑස් වල ඇති තිගැස්සම ඔහුට නොදැනුනා නොවේ..ඒ දෑස් වල ලියැවී ඇති වේදනාව ඔහුට හොඳින්ම වැටහුනත් ඇගේ මුවින් ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය වන්නේ ඒ සධිල්ගේ විදිහ නිසයි….

" අර ඉන්නේ කාර් එකේ……….."

ඇයට පැවසීමට හැකි වුනේ එපමණයි...තවමත් නොවියලුනු දෑස් වලට කදුළු පිරුනේ ඒ යුවතිය සධිල්ට ඇමතූ අයුරු සිහි වෙද්දී…ආහේලි ඇගේ කොපුලේ තිබූ ඔහුගේ අත ඉවත් කලේ විදුලියක වේගයෙන්….

" එයා මොකද ඉතින්….."

සධිල්ට කේන්තියෙන් විමසුවේ ඇගේ මේ ක්‍රියා කලාපයන් ඔහුට රුස්සන්නේ නැති තැන….

" බේබ් කිව්වේ……..ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද????ඇයි මාව මෙහෙම තියන් ඉන්නේ අප්පත්තී...ඇයිහ්????ඇයි මාව රිද්දන්නේ මෙහෙම???? යන්න එයා ලඟට……."

ඇය පවසන්නේ ආවේගයෙන්….දුක හා කේන්තිය මුසුව දැනෙන හැඟීම ඇයව දැඬිව පීඩාවට පත් කරද්දී ඇයට දැනුනේ ඇගේ සියොලගම ගින්නකට හසුව දැවෙනවා වැනි වේදනාවක්….පුදුමයකට මෙන් ඇයට හැඬුනේ නැත...ඇයට ඇය ගැනම දැනුනේ ආත්මානුකම්පාවක් ඔහු ඉදිරියේ…

" තමුන්ට ඇහුනද මන් එයාට බේබ් කියනවා?????"

සධිල් ඇගේ දෑස් දෙසම බලාගෙන ප්‍රශ්ණ කරන්නේ කෝපය හැකිතාක් පාලනය කරමින්…ඇය හිස දෙපසට වනද්දී සධිල්ගේ කේන්තිය තවත් වැඩි වුනා…

මඟ බලමින් 👀Where stories live. Discover now