මඟ බලමින් 👀
දහතුන්වන දිගහැරුම
" පැටික්කි කැමති නැද්ද ගෙදරට වෙලා නිකම් ඉන්නේ එකේ ජොබ් එකක් කරන්න…"
ඇගේ පියා නැතිනම් කමල් දේවසිංහ ආහේලිගේ හිස අත ගාමින් පවසන්නේ උතුරා යන ආදරයෙන්…ඇය සිය පියා දෙස බලා සිටියේ ගල් ගැසී මෙන්..
" අප්පත්තී…..බොරු නේද කියන්නේ???"
ඇයට මෙය විශ්වාස කිරීමට පවා නොහැකි නිසා සිය පියා පැවසූ දෙය හොදින්ම ඇසුනත් ඇය සිතුවේ ඒ ඔහුගේ විහිළුවක් කියා..නිවසින් පිටතට වත් තනිව යෑමට ඉඩ නොදෙන ඔහු එක් වරම ඇගෙන් රැකියාවකට කැමති දැයි ඇසීම ඇයට දැනුනේ ලෝක පුදුම හතෙන් එක් ලෙසයි…
" පැටික්කි කැමති නැත්තම් ඕනේ නෑ….අවුරුදු පහක්ම ගෙදරටම කොටු වෙලානේ...ඒකයි මන් ඇහුවේ…"
" අනේහ් ඔය ඇත්තමද අප්පත්ති කියන්නේහ්……"
ඇය ඔහුගේ ගෙල වටා දෑත් යවමින් ඔහුව වැලඳ ගත්තේ දැනෙන සතුටට දෑස් වලින් නොනවත්වාම කඳුළු ගලද්දී…
" මේ නාකි මට දැන් උඹව උස්සන්න බෑ පැටික්කියේ…"
ඇගේ සිරුරේ සමස්ථ බරම ඔහුගේ සිරුරට දැනෙද්දී ඔහුට වාරු ඇතිව ගියේ ඔහු දැන් මහළු නිසයි…
ඇය සැනින් සිය පියාගේ උණුසුමෙන් මෑත්ව පිටි අත්ලෙන් කඳුළු පිසගෙන ඒ අතක එල්ලී ගෙතුලට ගියේ කවදාවත් නැති සතුටකින්…
" ඒත් අප්පත්තී කොහෙන්ද ජොබ් හොයන්නේ….මට දැන් විසි හතරක්නේ….වයස වැඩී කියලා එලවයිනේ මාව….."
දේවසිංහ මහතා දෙස බැරූරුම්ව බල සිටි ආහේලි පවසන්නේ ඔහුගේ පය පාමුල හිඳ ගනිමින්…
" අද උදේ පැටික්කි එක්ක ආවේ නේද පුතෙක්…."
" සෞර ගැනද අප්පත්ති කියන්නේහ්?????"
ඇය විමසන්නේ දෑස්ද විසල් කරගෙන කුතුහලයෙන්..
" ඒ දරුවා තමා පැටික්කී…ඒ දරුවගේ තාත්තගේ කම්පැනි එකේ ජොබ් වේකන්සි වගයක් තියනවා කිව්වා අකවුන්ට්ටුයි මැනේජ්මන්ට් පැත්තේයි…"
YOU ARE READING
මඟ බලමින් 👀
Romance" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි...