දොළොස්වන දිගහැරුම 👀

460 30 1
                                    

මඟ බලමින් 👀 

දොළොස්වන දිගහැරුම

" රපුන්සල්…..ප්ලීස් ටෝක් ටු මී…වේක් අප් බනී...වේක් අප්....( කරුණාකරලා මගෙත් එක්ක කතා කරන්න…නැගිටින්න..)"

සෞර රෝහලේ ඇඳ මත නිදනා ආහේලිගේ අතක් සිය දෝතට මැදි කර ගෙන මුමුණන්නේ කෙතරම් වෙලාවකද සිටද කියන්න ඔහුට වත් මතකයක් තිබුනේ නැත…

වෛද්‍යවරයෙකු ‍දොර විවර කරගෙන කාමරයට එද්දී ඔහු ඇගේ අත පරිස්සමට ඇද මතින් තබා වෛද්‍යවරයා වෙතට ගියේ පා පැටලෙමින්..

" ඩොක්ටර්…….ඇයි රපුන්සල් කතා කරන්නේ නැත්තේ????"

සෞරගේ ඉවසීම අන්තයටම හිදී තිබුනේ ආහේලිට පැය පහක් තිස්සේ සිහියක් නැති නිසා..ඔහුට වෛද්‍යවරයා පිළිබදත් ඇති වුනේ දැඬි කෝපයක් වගේම නිරිස්සුමක්…

උපැස් යුවලක් පැලද සිටි වයස අවුරුදු හැටක පමණ කිව හැකි වෛද්‍යවරයා සිනහා සී දෑස් මත රුදී තිබුනු උපැස් යුවල ඔහුගේ සුදු පැහැ ලෝගුවෙන් පිසගෙන නැවතත් එය පැලද ගෙන සෞර බැලුවේ සුපුරුදු සිනහවෙන්..

" මිස්ටර්????"

" සෞර හර්දේව් ධීරවර්ධන….."

සෞර පැවසුවත් ඔහුගේ දෑස් තිබුනේ ආහේලිගේ සයනය මත..

" ධීරවර්ධන ලෑන්ඩින්ග්ස්????"

වෛද්‍යවරයා විසල් වූ දෑසින් විමසද්දී සෞරගේ කෝපය වැඩි වුනා..

" අනේහ් ඩොක්ටර් ඔව්….ඒක තාත්තීගේ...ඒ පට්ටන්දරේන් වැඩක් නෑනේ මගුල...ඇයි මගේ රපුන්සල් නැගිටින්නේ නැත්තේ???පැය පහක් එයාට සිහිය නෑ……."

සෞර බුර බුරා නැගෙන කෝපය පාලනය කරගන්න දැරුවේ අසීමිත වෙහෙසක්…

" කාම් ඩවුන් සන් ..( සංසුන් වෙන්න පුතා..) අපි පේෂන්‍ට්ට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ..තව පැයකින් වගේ එයාට සිහිය එයි…"

වෛද්‍යවරයා ඔහුගේ උරහිසට තට්ටුවක් දමා පිටව ගියා..සෞරට දැනුනේ ඔරලෝසුවේ කටු අද වෙනදට වඩා හිමින් ගමන් කරනවා කියා…

දැඬි පිපාසයක් දැනුනු සෞර වාහනයට ගියේ වතුර බෝතලය රැගෙන ඒමට...ඔහු එන විට ආහේලි ඇදෙන් හිදගෙන සිටිනවා දැකපු සෞර වතුර බෝතලයද බිම අතැර දිව ගොස් ආහේලිව ඇයට රිදෙන තරම් තදින් තුරුලු කර ගත්තා..

මඟ බලමින් 👀Where stories live. Discover now