දහනමවන දිගහැරුම 👀

617 35 2
                                    

මඟ බලමින් 👀 

දහනමවන දිගහැරුම 

ආහේලි මුව විවර කරන්න තනන විටම ඇගේ මුව මතින් ඔහු දබරගිල්ල තබද්දී ඇයට හඬින්ම හුස්මක් ඉහලට ඇදුනේ ඇය එවන්නක් අපේක්ෂා නොකල ලෙසයි..

" ලිස්න් ( අහන්න ) බබා……පෝනි ටේල් එකක් නැත්තම් ෆ්‍රෝසන් මූවි සීරිස් එකේ එල්සාගේ තියන විදියට සයිඩ් එකෙන් බ්‍රේඩ් කරලා වගේත් ලස්සනයි...මන් කිව්වේ මට හිතෙන දේ..ඔයාට වර්ක් කරද්දී හෙයාර් එක කරදරයක් වෙයි ඔහොම තිබුනොත්…"

සධිල් පවසන්නේ දිගු කෙස් කළඹ දෙසම දෙනෙත් හොවා ගෙන..

" කොණ්ඩේ කපන එක ගැන නම් ආය කියන්නවත් එපා පැටික්කී….."

" සොරී අප්පත්තී…………."

ඇය බිම බලාගෙන මිමිණුවේ මුහුණත් හකුළුවමින්..ඔහු ඇගේ කොණ්ඩයට අයිතිවාසිකම් කියන්නේ කුමන හේතුවකටද කියා අසන්නවත් ඒ ගැන සිතන්නවත් ඇයට වඟක් තිබුනේ නැත..ඔහුගේ වදන් වලට ඇය මෙතරම් අවනත වන්නේ ඇයි කියාවත් ඇයට හැඟීමක් නැතත් ඇය ඔහු කියන්න සියල්ලක්ම පිළිගන්නේ සිය කැමැත්තෙන්මයි...

බිමට බර කරගෙන සිටි හිස ඇය එසෙව්වේ වාහනය නතර කල පසු වුනත් සධිල් වාහනය නතර කර තිබුනේ සත් මහල් කාන්තා ඇඳුම් සංකීර්ණයක වෙද්දී ආහේලී දෙනුවන් අයා ගෙන ඒ විසල් ගොඩනැගිල්ල දෙස බලා සිටියේ දෝතින්ම මුවත් වසාගෙන…

" බහින්න පැටික්කි……….."

" අ….ප්….ප...ත්තී……………."

පියවි සිහියට ආ විගසම ආහේලිට මහ හඬින් කෑ ගැසුනේ මෙතරම් විසල් සාප්පු සංකීර්ණයක් ඇය දුටු ප්‍රථම වතාව වෙද්දී...ඇයට තවමත් ඇගේ දෑස් අදහා ගත නොහැකිව ගොඩනැගිල්ල දෙසත් සාධිල් දෙසත් මාරුවෙන් මාරුවට බලන්නේ වේගයෙන් හුස්ම ඉහල පහලට එලමින්……

" දෝණීහ්….මගේ දිහා බලනවාහ්….."

ඔහුගේ කෑගැසිල්ලට ආහේලි විදුලියට වේගයෙන් ඔහු වෙතට හැරෙද්දී සධිල් ඔහුගේ දෑත් ඇගේ දෙකොපුල් මත තබමින් ඇගේ දෑස් වලට එබුනේ ඇගේ හුස්ම තවමත් අක්‍රමවත් වෙද්දී…

" කට වහගෙන හුස්ම ගන්නවා පැටික්කී……."

ඔහු ලෙන්ගතුව පැවසුවත් ඒ හඬෙහි මුසුව ඇති කෝපය ඇයට නොවැටහුනා නොවේ…

මඟ බලමින් 👀Waar verhalen tot leven komen. Ontdek het nu