විසි තුන්වන දිගහැරුම 👀

361 34 2
                                    

මඟ බලමින් 👀

විසි තුන්වන දිගහැරුම 

ආහේලි විලියෙන්ම රතු වුනේ විර්දේව් කිව් කතාවයි..

" අන්න එහෙම ඉන්න බනී...පොඩ්ඩක් රතු වුනාට කාරී නෑ සුන්දරී...එල්ලගෙන ඉන්න එක තමා ඉවසන්ට බැරි….සුප්පා ජොලියක් ගන්න හිතන් ආවේ...කොහෙද ඉතින් ඔයා මූඩ් ගහලනේ…."

ආහේලි දෙසත් ඇස් කොනින් බලමින් විර්දේව් පවසන්නේ මුව නොපිට පෙරලමින්….

" සොරි දේව් අයියා…..අපි මොකද කරන්නේ ඉතින්…."

ඇයට විර්දේව් ගැන දුක සිතුනේ ඇය නිසා ඔහුගේ සතුටත් ඉගිල ගොස් නිසයි...විනෝදයටම බර ඔහු නිසා ඇගේ සිතට යම් සහනයක් දැනුනා කෙතරම් සිත පෑරී තිබුනත්….

" එනිතින්ග් යු ලයික් රපුන්සල්.. ( ඔයා කැමති ඕනේ දෙයක්…)"

ඇය යලිත් කල්පනාවට වැටුනේ ඇයට කුමක් කරන්නද කියා සිහි නොවෙද්දී..

" මෙහෙම කරමු හිස් බඩේ මටත් මේ ලෝකේ දෙයක් කල්පනා වෙන්නේ නෑ...ඒක පුරෝගෙන ඉමුකෝ ඉස්සරලම…."

විර්දේව් පැවසුවේ සිග්නල් දමමින් වාහනය අසල ඇති කඩයක් ලඟ නතර කරමින්..ඔහු වාහනය නතර කරනවාත් සමඟම සෞරගේ මෙන්ම සධිල්ගෙත් වාහන ආ පෙලටම නතර කලත් කිසිවෙකු වාහන වලින් බැස්සේ නැත…

" ඇයි අර ගොල්ලෝ නැවැත්තුවේ?????"

ආහේලි විමසන්නේ ඉදිරියත් පිටුපසත් මාරුවෙන් මාරුවට බලමින්…

"  ඒ අපි දෙන්නව ගාර්ඩ් කරන හින්දා බනී….අපි මැද්දෙනේ යන්නේ…කොහොමද ගැම්ම නේ..රටේ රජා වගේ ෆීලින් එකක් එන්නේ නැද්ද නිකම් රෝයල් ෆීලින් එකක්..මන් කිව්වේ මේ නිකමට වගේහ්…….."

විර්දේව් ඇසක් වලමින් පවසද්දී ආහේලි,

" මොකක් කිව්වා?????"

" කොකෙක් බනී….බහින්නකෝ….."

විර්දේව් ඇගේ පස දොර ස්වයංක්‍රීයව විවර කරද්දී ආහේලි වාහනයෙන් බැස බලා සිටියේ විර්දේව් වාහනය අගුලුලා ඇය වෙතට එන තෙක්….

" මොනාද අපි කන්නේහ්….."

තාලයට කියමින් විර්දේව් ඇගේ කර වටා අතක් යවමින් ඇයත් සමඟ කඩය තුලට ගියේ ඇගෙන් පිළිතුරක් ලැබීමට පෙර..

මඟ බලමින් 👀Where stories live. Discover now