දෙවන දිගහැරුම 👀

574 42 2
                                    

මඟ බලමින් 👀

දෙවන දිගහැරුම

ඒ හඬෙහි පෙරටත් වඩා කෝපයක් ගැබ් වී තියෙද්දී ආහේලි හිස ඔසවා අපහසුවෙන් මුත් ඒ දෙනෙත් මතම ඇගේ දෙනෙත් පටලවා ගත්තා...සිව් දෙනෙත් යා වෙද්දී ඇගේ මුළු ගතම වෙව්ලා ගියේ ඒ ආඩම්බර දෑස් වල ඇති දීප්තිය අහිංසක ඇගේ සිතට බර වැඩි නිසයි...

" What if we rewrite the stars?

Say you were made to be mine

Nothing could keep us apart

You'd be the one I was meant to find

It's up to you, and it's up to me

No one can say what we get to be

So why don't we rewrite the stars?

Maybe the world could be ours

Tonight.........."

ඒ සිරුරු අතර ඇති ඉඩ ටිකෙන් ටික අඩු වෙද්දී සෞරට නම් වගක් නැති වුනත් ආහේලි නම් සිටියේ පියවි සිහියෙන් නොවේ.....ඒ නපුරු දෑස් දෙසම බලාගෙන ඇය භාවනාවක යෙදුනේ ඔහුත් ඇගේ දෑස් මතම නෙතු අයාගෙන සිටිද්දී...

සංගීතය නතර වනවාත් සමගම ඇසෙන විසිල් හඬින් පසු සෞර ඇගේ බද වටා තිබූ ඔහුගේ අත නිදහස් කලේ ඒ නෙතු මතින් ඔහුගේ දෑස් වෙනතකට යොමු කරමින්...

" වාව්.....වාව්.....සෞරයෝ......සුපර්බ් ඩාන්ස් මචන්....එක්සලන්ට් ප්‍රෆෝමන්ස්....ආහේලි ඔයත්....වාව්...."

මාහීර්ව ඩාන්සි ෆ්ලෝ එකට පැමිණියේ මයික්‍රොෆෝනයත් අතැතිවයි...

" මේ මාහියෝ මට දැන් යන්න ඕනේ ගෙදර..අබීශා කෝල් එකක් දුන්නා තාත්ති අද ඔෆිස් එනවා කියලා...."

" හුටා.....ඒකත් එහෙමද??? අන්කල්කාරයාගේ නීතී ටික මතකයිනේ....පොඩ්ඩ මිස් වුනොත් අද අපි දෙන්නවම මස් කරයි....හිටපන් මේ මයික් එක දීලා වාෂ්ප වෙමු...."

" හ්ම්...හ්ම්....ඉක්මනට වරෙන් යන්න...."

යන්න ගිය මාහීර්ව ආපසු සෞර දෙසට හැරුනා...

" මේහ් සෞරයෝ උඹේ ප්‍රියම්භිකාව මට බැන්නද???"

" අබීශා මොකුත් කිව්වේ නෑ මාහියෝ....දැන්වත් ඕක තියලා වරෙන් යන්න....ටූ ලේට් මචන්....හරි අප්...."

" විනාඩියක් දීපන්....පටාර් ගාලා එනවා....."

ආහේලි හදවත රිද්ද ගත්තේ සෞරගේ කතාවටයි...ඇගේ හිතේ ඔහු ගැන හැඟීමක් ලියලා වැඩෙමින් තිබුනත් ඇය එය උපන් ගෙහිම වළලා දැමුවේ ඔහු අන් සතු වස්තුවක් වෙද්දී..

මඟ බලමින් 👀Where stories live. Discover now