නමවන දිගහැරුම 👀

454 32 0
                                    

මඟ බලමින් 👀

නමවන දිගහැරුම

ආහේලිගේ දැහැන බිදුනේ යේනුගේ හඬින්..

" හේලියෝ මේ ලෝකේ හිටපන් මයේ අම්මා...."

යේනු තරවටු හඬින් පැවසුවේ ඇය දෙස සැලකිය යුතු තරම් වේලාවක් බලා සිට..

" ගල් බමුණි වගේ මාව කන්න බලාගෙන ඉන්නෙ නැතුව ඔය කේක් එක උඩට වැටෙන්නේත් නැතුව රිබන් ටික අරන් දීපන්..."

ආහේලි කේක් එක තිබූ මේසයේ පසෙකින් තිබුනු රිබන් ටික යේනු අතට දී ආපසු හැරෙද්දී දුටුවේ මාහීර්ව සහ විර්දේව් කැටුව එන සෞරව...

ඇය අසාමාන්‍ය ලෙස බියෙන් ගැහෙන්න ගත්තේ ඇයට නැවතත් ඔහු බැන විදීවි යැයි බියෙන්..ඇගේ දෙතොල් පවා වෙව්ලන්න ගත්තේ දෑස් වලට කඳුළු පිරෙද්දී...

සෞර ඇය ලඟට අඩිය තියන පියවරක් පාසාම ආහේලි පිටිපසට ගියා එක් අතකින් පපුවත් මිරිකාගෙනම..

" රපුන්සල් අයිම් සොරී....( මට සමාවෙන්න...)

ඔහු ඇගෙන් සමාව අයැදුවත් ඇය තවමත් මුවැත්තියක් මෙන් බිය වී ඇති බව ඇගේ වෙව්ලන දෑඟිලි සාක්ෂි දරද්දී සෞර අතකින් නලල තෙරපවාගෙන අසල තිබුනු පුටුවකට කඩා වැටුනේ ආහේලි දෙසම බලාගෙන..

" සෞර ආ යූ ඕකේ....( ඔයා හොදින්ද???)

අබීශා සෞරගේ දෙකොපුල් මතට දෑත් තබාගෙන ඔහුගේ මුහුණ ඇය වෙත හරවා ගත්තා..ආහේලිට තවත් මෙදෙස බලා සිටිය නොහැකි වුනේ ඔහුට පෙම් කරන හිත දැඬිව ඇදුම් කද්දී..

මෙතෙක් වේලා දෑස් වල සිර කරගෙන හුන් කඳුළු නොනවත්වාම ඇගේ කොපුල් පුරා ගලන්න ගත්තේ සෞරගේ ජායාව පවා බොද කරමින්...

" ප්‍රින්සස්... මන් කොහොමද හොදින් ඉන්නේ...ලුක් ඇට් හර්...ශී ඊස් ලයික් අ ලිට්ල් බනී..ශී ඊස් ක්‍රයින් බිකෝස් ඔෆ් මී....අයි කාන්ට් ඩූ දිස් එනි මෝ....( බලන්න එහා දිහා...එයා පුංචි හා පැටියෙක් වගේ...එයා අඩනවා මන් නිසා..මට මේක තවත් කරන්න බෑහ්...)

සෞර අබීශාගේ බද වටා දෑත් යවමින් ඒ කුසෙහි හිස හොවා ගත්තා...ආහේලිට හඬින්ම හුස්මක් ඉහලට ඇදුනේ ඒ වේදනාව ඇගේ හුස්ම පවා සිර කිරීමට සමත් වෙද්දී...ඇගේ දෙපා පවා ගැහෙන්න ගද්දී ඇය සිටගෙන සිටියේ ද අසීරුවෙන්...

මඟ බලමින් 👀Where stories live. Discover now