විසිවන දිගහැරුම 👀

339 32 3
                                    

මඟ බලමින් 👀 

විසිවන දිගහැරුම 

" සෞර අබී අක්කි එක්ක හිටියා කියලා මන් අඬන්නේ නෑ...එයා ලස්සන හින්දා එයාව ඕනේ වුනාට එයාව දකිද්දී විතරයි මතක් වෙන්නේ නැත්තම් මට එයාව ගාණක් වත් නෑ...එයාට මන් චූට්ටක් විතරයි බය...ඒකත් නැති කරගන්න ඕනේ ඉක්මනටම..අබී අක්කි කිව්වා මන් කට වහගෙන ඉද්දිලු සෞර මට බයින්න එන්නේ…..දේව් අයියා කිව්වා කොහිල කටු පිටින් ගිල්ලෝනවා කියලා සෞරට...හැබැයි දේව් අයියාට නම් මන් ආදරෙයි ගොඩාරියක්……"

ආහේලි ඔහුගේ සවන මත තිබුනු එක් අතක් මෑත් කර ඒ අතින් විර්දේව්ට ඇයට ප්‍රේම කරන ප්‍රමාණය අත දිගු කරමින් පෙන් වූයේ සධිල් දෑසින් පවා සිනහා සෙද්දී…

" අප්පත්ති ගැන නම් මට තාම තේරෙන්නේ නෑහ්…."

ඇය ඇගේ සිතැඟි විවෘත ලෙස ඔහු ඉදිරියේ පැවසුවේ ඇය ඔහුව ඇගේ සමීපතමයන් තරමටම විශ්වාස කල නිසාවෙන්…

පෙර දා රාත්‍රීයේ ආහේලි යේනුගේ උකුලේ හිස තබා ගෙන සෞර ,විර්දේව් වගේම සධිල්වත් සසඳා බැලුවේ යේනූ ඇයට ලබා දුන් උපදෙසුත් මතකයට නගා ගෙන..ඇගේ ජීවිතයේ සිය පියා හැරුණු කොට ඇයට පිරිමි පාර්ශවයෙන් සමීපව සිටියේ ඔවුන් තිදෙනා පමණයි…

" මොනවද පැටික්කිට මන් ගැන තේරෙන්නෙ නැත්තේ ආ?????"

සධිල් එක් වරම ඇය දෙසට මුහුණ හරවද්දී මෙතක් වේලා ඔහුගේ සවනක් මත තිබුනු ඇගේ දෑත් ඔහුගේ දොකොපුල් මතත් ඒ දෙතොල් ඔහුගේ නාසය මතත් රැඳුනේ ඇසිපිය සලන පමාවට….

ඇය හුන් අයුරින්ම ගල් ගැසී සිටියේ සධිල්ගේ තියුණූ කළුවන් දෑස් වල අතරමන් වෙමින්...අවට පරිසරය ගැන හෝ ඇයට කිසිදු තැකීමක් නැති වෙද්දී ඇයට අමතක වුනා ඔහුගේ නාසයෙන් දෙතොල් මෑත් කිරීමට පවා…හද ගැස්ම පිටතට ඇසෙන  තරම් වුනත්, ඇගේ මුහුණ රතුව ගියත්, ඔහුගේ කොපුල් වල ගැසී තිබුනත්, ඇය පියවි සිහියට නම් ආවේ නැත...මෙතරම් සමීපව ඒ මුහුණ දුටු ප්‍රථම වතාව වෙද්දී ඇගේ හුස්ම පවා නතර වුනේ ඒ කඩවසම් රුව ඉදිරියේ…

ඔහුගේ දෑස් වල කළු ඉංගිරියාවෙන් ඇගේ දෑසම පෙනුනෙන් ආහේලිගේ දෑස් මොහොතකට පියව ගියේ ඇයටත් නොදැනීමයි…

මඟ බලමින් 👀Where stories live. Discover now