Chapter 2

2K 375 25
                                    

රණ්ඩුව එන්න එන්න උණුසුම් වෙනකොට එක පාරට දෙන්නෙක් ලොකු බයික් දෙකකින් ආවේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන. කොල පාට බයික් එකේ ආව කෙනා බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගැලෙව්වේ ඒ දිහා බලන් හිටපු මගේ හිතත් ගැස්සෙනකොට.

ඒ රූපෙ ඉස්සරහ ජීවිතේ පළවෙනි පාරට මගෙ හිත ගැස්සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ රූපෙ ඉස්සරහ ජීවිතේ පළවෙනි පාරට මගෙ හිත ගැස්සුනා. එයා බයික් එකෙන් බැහැලා එතන රණ්ඩුවේ වැඩිපුරම කෑ ගහපු දඟලපු කොල්ලා ළඟට ගිහින් ඒ කොල්ලගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලලා ළඟට ඇදලා අරගෙන ඒ කොල්ලගේ මූණට දබර ඇඟිල්ල දික් කරලා මොනවද කේන්තියෙන් කිව්වේ ඒ කොල්ලාගෙත් මූණත් කේන්තියෙන් කියල පේනකොට. පස්සේ එයා අර කොල්ලගේ ෂර්ට් එක අතඇරියට පස්සේ ඒ කොල්ලා එයාව තල්ලු කරලා මොනවද කේන්තියෙන් කියවගෙන ගියා. එක පාරටම එයා කියවපු කොල්ලගෙ මූණ පුරවලා කම්මුල් පාරක් ගැහුවේ මුළු ටවුන් එකම මීයට පිම්ඹා වගේ නිශ්ශබ්ද වෙනකොට. කම්මුල් පාර කාපු කොල්ලගෙ කටින් ලේ ගලද්දි ඒ කොල්ලගේ යාළුවො කියන්න පුළුවන් කට්ටිය එයාට ගහන්න අත උස්සගෙන එද්දි එයා උන්ට කෑ ගහලා ඇඟිල්ල දික් කරලා කිව්ව මොනවාහරි දෙයක් එක්ක උන් ටික එතන තිබ්බ බයික් වල නැගලා වේගෙන් ගියා.

ඊට පස්සේ එයා එතන කට්ටියත් එක්ක මොනවද කතා කරලා එතන හිටපු කොල්ලෙක්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් හෙල්මට් එක දාගෙන ජීවිතේ පළවෙනි වතාවට මගේ හිත හොලවපු එයා අර ලොකු බයික් එකේ නැගලා වේගෙන් පියාඹලා ගියා.

මේ ඔක්කොම වෙනකන් බලන් හිටපු මන් එහා පැත්ත බැලුවේ මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය නෙතූ කෝ බලන්න. නෙතූ තාමත් ඉන්නේ ඇස් දෙක ලොකු කරගෙන කටත් ඇරගෙන.මන් කතා කරාට පස්සේ තමයි පියවි සිහියට ආවේ.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now