Chapter 17

2K 320 26
                                    

මාස දෙකකට පසු,

දැන් අපේ පැටියට මාස පහයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් අපේ පැටියට මාස පහයි. එයා ටිකෙන් ටික ලොකු වෙනකොට මගේ කුසත් ටිකෙන් ටික ලොකු වෙන්නෙ අපි දෙන්නා එයා අපේ අතට එනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නකොට. දැන් පැටියට සති 20ක් නිසා අද ස්කෑන් එකට එයා එක්ක යන්න ඉන්නෙ ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්නත් ආසාවෙන්.

"බබා ඇඳගෙන ඉවරද? යමුද?"

රූම් එකට ඇවිත් එයා අහනකොට එයා මගෙ අතින් අල්ලගෙන පරිස්සමට මාව වාහනේට නැග්ගුවා. ටිකෙන් ටික ලොකුවෙන කුසත් එක්ක උඩට යන්න අමාරු නිසා එයා අපේ බඩු ඔක්කොම පහළ රූම් එකකට ගෙනාවෙ අපි දෙන්නා දැන් පහළ රූම් එකක ඉන්නකොට. අපෙ අම්මායි අප්පච්චියි දෙන්නම අපේ ගෙදර ඉන්නවා වගේම එයාගෙ අම්මා ගොඩාක් වෙලාවට එක එක කෑම ජාති හදාගෙන අපේ ගෙදර එනවා.

එයා එක්ක මම ඩොක්ටර් හම්බවෙන්න ඇවිල්ලා එතන වාඩි වෙලා ඉන්නෙ අපේ වාරෙ එකනක්. මෙතන වාඩි උන මුළු වෙලාවෙම එයා කරේ මගෙ අත එයාගෙ අතට පටලවගෙන මගෙ පිටි අල්ල පිරිමදින එක. එයා මටත් වඩා කලබල වෙලා ඉන්නෙ අපේ බබා දුවෙක්ද පුතෙක්ද කියලා දැන ගන්න. අපේ වාරෙ ආව නිසා එයා මාව අතින් අල්ලගෙන ඇතුළට එක්කගෙන ගියේ මගෙ හිතත් ගැහෙනකොට.

"අපි එහෙනම් ස්කෑන් එක කරමු නේද?"

"ඕකේ ඩොක්ටර්."

ඇතුළට ආවට පස්සෙ ටික වෙලාවක් කතා කරපු ඩොක්ටර් ස්කෑන් එක කරන්න අහද්දි මම ඇඳෙන් හාන්සි වුනේ එයා මට උදව් කරනකොට.

"අම්මා, මේ ඉන්නෙ ඔයාලගෙ බබා."

ඩොක්ටර් එහෙම කියන ගමන් ස්ක්‍රීන් එකෙන් බබාව පෙන්නුවෙ වෙනදා වගේම ස්කෑන් එකේදි මගේ ඇස් වල කඳුළු පිරෙනකොට. මම දැක්කා එයත් වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් ස්ක්‍රීන් දිහා බලන් ඉන්නවා.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now