Chapter 7

2.1K 375 16
                                    

අද මාව දවල් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරගෙන ගෙදර එක්කන් ආවා. දවල්ට අමාරුවෙන් සුප් එකක් විතරක් බිව්ව මම එහෙන්මම ඇඳේ හාන්සි උනේ බෙහෙත් වල සැරටද කොහෙද ඇස් ඇරගෙන ඉන්න බැරි නිසා. නිදාගෙන හිටිය මාව ඇහැරුනේ කවුරුහරි කතා කරනවා ඇහිලා.

"පුතා අපි තව ටිකකින් යන්න ඕනෙ."

මහත්තයගෙ අම්මා නේද. ඇහැරුනත් මම ඇස් අරින්නෙම නැතුව හිටියෙ කවුරුහරි මගේ අත අල්ලන් ඉන්නවා දැනුන නිසා. ඒ එයා. එයාගෙ සුවඳින් වගේම ඊයෙ හොස්පිටල් එකේදි දැනුන ස්පර්ශයෙන් ඒ එයා කියලා මම එකපාරින්ම අඳුරගත්තා. එයාගෙ පොඩි ස්පර්ශයක් පවා මම මතක තියාගත්තෙ මට ඒ දේවල් හුඟක් වටින නිසා. එයා එකපාරටම මගෙ අත අතඇරලා රූම් එකෙන් යනකොට මන් ඇස් ඇරියා. ආයෙමත් ටිකකින් කවුරුහරි පඩිපෙළ නැගගෙන එනවා ඇහුන නිසා මම ආයෙමත් සැරයක් ඇස් පියා ගත්තා. ආපහු ඒ ආවෙ එයාමයි. එයා මොනවාහරි මගෙ මේසෙ ළඟ කරනවා මට ඇහුනා. මේසෙ ළඟින් ආව එයා ආපහු මගෙ අත අල්ලගෙන මගෙ පිටිඅල්ල පිරිමදින ගමන් කතා කරන්න ගත්තා.

"මන් ගිහින් එන්නම් මැණික. පරිස්සමින් ඉන්න. ඉක්මනටම හොඳ වෙන්න. මම බලාගෙන ඉන්නවා මගෙ පණ."

ඒ වචන කිව්ව එයා මගෙ නළලට, ඇස් දෙකට වගේම මගෙ කම්මුල් දෙකටත් හාදු තියනකොට මගෙ ඇස් තෙත් උනේ එයා මේ කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා. අම්මලා ඉන්න නිසා එයා මේ කරන්නෙ රඟපෑමක් කියලා දන්න මම එයා යනවා ඇහුනම කඳුළු පිරුණු ඇස් ඇරියෙ ඇස් වල හිරවෙලා තිබුණ කඳුළු ඇස් කොන් දිගේ ඇවිත් කොට්ටෙ තෙමනකොට. මන් එහෙන්මම ඔළුව හරවලා බැලුවෙ මේසෙ දිහා. සුදු පාට ටියුලිප් බොකේ එකක්.

මන් ඇඳෙන් නැගිටලා ගිහින් ඒ මල් බොකේ එක අතට ගත්තා. ඒ ළඟම මේසෙ උඩ තිබුනෙ සොරි කියලා ලියලා තිබුන නෝට් එකක්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now