Chapter 13

2K 333 22
                                    

කන ළඟින් ඇහුන එලාර්ම් එකේ සද්දෙට මම ඇහැරුනේ කවදාවත් නැති තරම් සනීප උණුසුමක් එක්ක. තාමත් එයාගෙ පපුවට ඔළුව තියාගෙන හිටිය මන් ඔළුව උස්සලා එයාගෙ මූණ දිහා බැලුවා. එයාට වගේම මටත් වැඩට යන්න කෑම ගෙනියන්න ඕනෙ නිසා මම එයාගෙ පපුවෙන් ඈත් වෙලා ඒ කම්මුලකට වගේම පියවිලා තියෙන ඇස් දෙකට හාදු දුන්නෙ දරා ගන්න බැරි හැඟීමකින්. මීට මාස ගානකට කලින් උදේ නැගිට්ටම එයාගෙ පපුවෙන් නැගිටින්න මම මේ වගේම හීන දැක්කා. ඉතින් ඒ හීනෙ අද ඉශ්ඨ වෙලා.

උයලා ඉවර උන මම කිරි එකකුත් හදාගෙන උඩට ආවෙ එයාව ඇහැරවන්න. තාමත් මගෙ කොට්ටෙත් බදාගෙන හොඳට නිදි. කිරි එක සයිඩ් කබඩ් එකෙන් තියලා ඇඳෙන් වාඩි උන මම එයාව නැගිට්ටුවෙ එයාට කතා කරන ගමන්.

"මහත්තයා..කෝ නැගිටින්න."

මම කතා කරද්දි එයා එක ඇහැක් ඇරලා බලලා මගෙ ටී ෂර්ට් එක උස්සලා බඩට මූණ තදකරගෙන තව ටිකක් නිදි.

"නැගිටින්න අනේ. පරක්කු වෙනවා. මෙන්න කිරි එක මෙතන. මාත් ලෑස්ති වෙන්න ඕනෙ. මම ඔයාගෙ ඇඳුමත් අයන් කරා."

මම එයාගෙ ඔළුව එහාට කරලා වොශ් රූම් එකට ආවා. මම වොශ්රූම් එකෙන් එනකොට එයා එයා පෙන්න හිටියෙ නැති නිසා මන් ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ පීර ගත්තෙ එහා පැත්තෙ රූම් එකෙන් එයා වොශ් එකක් දාගෙන එනකොට. එයා ලැහැස්ති වෙලා එනකන් මම පහළට ගියා. එයා ලැහැස්තිවෙලා පහළට ඇවිත් වාහනේ එළියට ගත්තෙ මමත් දොර වහලා වාහනේට නගිනකොට. හොස්පිටල් එක ඉස්සරහ වාහනේ නවත්තපු එයා සීට් බෙල්ට් එක ගලවලා මගේ මූණට එබිලා මගෙ නළලට දෙතොල් තද කරේ වෙනදා වගේම මගේ ඇස් පියවිලා යනකොට. එයා වෙනදා වගේම මාව වාහනෙන් බස්සලා දෙතොල් වලට පොඩි හාදුවක් දුන්නා.

"පරිස්සමින් ඉන්න මන් හවසට එනකන්."

"ඔයත් පරිස්සමින් යන්න. ගිහින් කෝල් එකක් දෙන්න."

මන් කියනකොට එයා හා කියන්න ඔළුව වනලා වෙනදා වගේම මන් යනකන් බලන් ඉඳලා වාහනේ ස්ටාර්ට් කරගෙන ගියා. දවස ගෙවිලා යනකොට වැඩ ඉවර වෙලා මම හොස්පිටල් එකෙන් එළියට එනකොට එයා ඇවිල්ල හිටියෙ යුනිෆෝර්ම් එකෙන් නම් නෙවෙයි. එයා ගෙදර ගිහින්ද ඇවිල්ලා තියෙන්නෙ. එයාව දැක්ක මන් හිනා වෙලා පාර පැනලා ගිහින් එයාගෙ අතේ එල්ලුනා.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now