සුපුරුදු විදිහටම ඇහුන එලාර්ම් එකට මම නැගිට්ටා. ඊයෙ රෑ නිදාගන්නකොට මම එයාගෙ පපුවට ඔළුව තියාගෙන නිදාගත්තත් දැන් උදේ එයා ඉන්නෙ මගෙ පපුව උඩ.
වෙලාව බලපු මන් එයාගෙ හිස්මුදුනටත් හාදුවක් තියලා එයාව ඈත් කරලා ඇඳෙන් නැගිටලා වොශ් රූම් එකට ආවෙ බිම තිබුන මගෙ ඇඳුම් ඇහිඳගෙන එයාගෙ ඇඳුම් ටිකත් ඇඳ උඩට දාන ගමන්. වොශ්රූම් එකෙන් එළියට ඇවිල්ලා පඩිපෙළ බහිද්දි එක පාරට ඔළුව කරකැවෙන්න ගන්නකොට මම එහෙන්මම පඩිපෙළේ අත් වැටට වාරු උනා. ගිය සතියෙ ඉඳන්ම ඒ වගේ. උදේට සමහර වෙලාවට කරකැවිල්ලක් එනවා වගේම කෑමත් අප්පිරිය කරනවා. සමහර කෑම දකිද්දිත් ඔක්කාරෙටත් එනවා. වෙනදට වඩා ඇඟටත් තෙහෙට්ටුවක් දැනුනත් මම ගනන් නොගෙන හිටියෙ ගිය සතියෙ ම නිදිමරපු නිසා වෙන්න ඇති කියලා. කුස්සියට ආව මම උයන්න ගත්තෙ අම්මටයි අප්පච්චිටයිත් එක්ක.
අප්පච්චිට වැඩක් වැටිලා දුරකට යන්න වෙලා තිබුණ නිසා එන්න දවස් දෙක තුනක් යනවලු. අප්පච්චි අද රෑට යනවා කියලා තමයි කිව්වෙ. අප්පච්චි එනකන් අම්මට මම මෙහෙ ඉන්න කිව්වෙ එහෙ ගෙදර තනියෙම ඉන්න වෙන නිසා. අපි දෙන්න වැඩට ගියාම අම්මා තනියෙම හිටියත් රෑට හරි අපි ඉන්නවනෙ. අද මාව එයා හොස්පිටල් එක ළඟින් දාගෙන ගියේ හවසට මට අප්පච්චි එක්ක ගෙදර එන්න කියලා.
මහත්තයට අද ගෙදර එන්න වෙන්නෙ නෑලු, කෑම්ප් එකේ නවතින්න වෙනවලු. වැඩ ඇරිලා හවස අප්පච්චි එක්ක මම ගෙදර ආවෙ ඇඟට දැනෙන තෙහෙට්ටුව අඩු නොවෙනකොට. අම්මා එක්ක කුස්සියෙ හිටිය මම එකපාරටම කට අතින් වහගෙන පහළ තිබුන වොශ්රූම් එකට දුවන් ආවෙ බඩ කලතගෙන වමනෙ යද්දි. අම්මත් මගේ පස්සෙන් වොශ්රූම් එකට ඇවිත් මගෙ පිට අතගෑවෙ මට එක දිගටම වමනෙ යනකොට.
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...