Chapter 3

2K 369 23
                                    

සති තුනකට පසු,

වැඩට ගිහින් හවස් වෙලා ගෙදර ආව මම දැක්කේ එයාගේ වාහනේ මිදුලේ නවත්තලා තියෙනවා. එයා ගෙදර ඇවිත් නිසා සතුටු උනත් මාව දැක්කම කොහොම හැසිරේවිද කියලා දන්නේ නැති නිසා හෙමින් ගේ ඇතුළට ආවෙ එයාව හොයන ගමන්. එයාගෙ රූම් එකේ දොර බාගෙට ඇරලා තියෙන නිසා එයා රූම් එකේ වෙන්නැති කියලා මන් එයාගෙ රූම් එකේ දොරට තට්ටු කරේ ගුටි කාලා හරි මේකෙ දෙකෙන් එකක් විසඳ ගන්නවා කියලා හිතාගෙන.

"මහත්තයා ඔයා ඇතුළෙද? මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ."

බාගෙට ඇරිලා තියෙන දොරෙන් මන් දැක්කේ කණ්ණාඩි මේසෙ ඉස්සරහ ඉඳන් කොන්ඩේ පීරන එයාව. මන් කතා කරත් එයා ඇහුනේ නැති ගානට ඉන්න නිසා ආයෙමත් කතා කරේ බයෙන් වගේ.

"මහත්තයා. මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?"

කොණ්ඩෙ පීරපු පනාව සද්දෙ ඇහෙන්න කණ්ණාඩි මේසෙ උඩට අත ඇරිය එයා ඉනට අත් දෙක තියන් සන්සුන් වෙන්න වගේ ලොකු හුස්මක් ගන්නවා මම දැක්කේ කණ්ණාඩියෙන්. එහෙන්මම දොරෙන් එළියට ආව එයා මාවත් හප්පාගෙන පඩිපෙළ බැහැලා වේගෙන් වාහනේ ස්ටාර්ට් කරගෙන ගියේ උනේ මොකද්ද කියලා මටත් එක පාරටම හිතාගන්න බැරි වෙනකොට. එයා මන් ගෙදර ඉන්න වෙලාවට එක තත්පරයක්වත් ගෙදර ඉන්න කැමති නෑ. මාත් එක්ක කතා කරන්න කැමති නෑ. මන් කොහොමද දෙයියනේ මේක විසඳගන්නේ. අම්මලා තාත්තලට තියා අඩුම තරමේ නෙතූට වත් මේ කිසිම දෙයක් මන් තාම කියලා නෑ. අපි දෙන්නගේ ප්‍රශ්න විසඳගන්න ඕනේ අපි. ඒත් දෙයියනේ මගේ මූණවත් බලන්න කැමති නැති එයා එක්ක මන් ප්‍රශ්න විසඳගන්නේ කොහොමද.

එදායින් පස්සේ එයා නිවාඩු එන හැම පාරකම මන් ගෙදර ඉන්න වෙලාවට එළියට බැහැලා ගිහින් රෑ වෙලා ගෙදර එනවා. සමහර දවසට බීලා එනවා. මන් කතා කරන්න යන හැම පාරකම වගේ අත දිග ඇරලා මට කම්මුල් පාරවල් නම් එයාගෙන් අඩු නැතුවම හම්බවෙනවා.

මේ අවුරුදු එකහමාර පුරාවටම උනේ මේ ටිකම තමයි.වෙනසක් නෑ. දරාගෙන ඉන්නම බැරි තැන මේ දේවල් මන් නෙතූට කිව්ව නිසා එයා එක්ක මේ දේවල් කතා කරන්න පුළුවන් නිසාම මට තියෙන එකම සහනය ඒක විතරක් වෙනකොට මැරි කරලා ආව දවසේ ඉඳන්ම එයා එක්ක රණ්ඩු කරලා ගුටි කාගෙන මේකෙ තේරුම ඇහුවත් කිසිම තේරුමක් නැතිකොට මේක තමයි මට උරුම ජීවිතේ කියලා හිත හදාගෙන එයා ළඟම ඉන්න හිතෙන්නේ එදා ඉඳන් අද වෙනකන් මගේ හිතේ එයා වෙනුවෙන් තියෙන ආදරේ එක අංශු මාත්‍රයක්වත් අඩු නොවුන නිසා. පුංචි ස්පර්ශයක් තියා අඩුම තරමේ එක ආදරණීය බැල්මක්වත් එයාගෙන් නොලැබුණත් හිත තව තව එයාටම ඇදෙන හැටි පුදුමයි.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now