ඊළඟ දවසේ උදේම නැගිටපු මන් ලෑස්ති උනේ එයාව බලන්න හොස්පිටල් යන්න හිතාගෙන. වාහනේ පාර්කින් එකේ නවත්තපු මම එයා ඉන්න හොස්පිටල් රූම් එක ඉස්සරහට ගියා. රූම් එක ළඟට ගිහිල්ලත් දොරට අත තියාගෙන බලන් හිටියේ රූම් එක ඇතුළට යන්න හිතට දෙගිඩියාවක් දැනෙනකොට. කොහොමහරි හිත හදාගෙන මම ඇතුළට ගියේ එයාව බලන්න. මම යනකොට හිටිය විදිහටම කිසිම වෙනසක් නැතුව එයා ඉන්නවා. ඇඳ ළඟ තිබුණ පුටුවෙන් වාඩි උන මම බලාගෙන හිටියේ ඒ පියවිලා තියෙන ඇස් දිහා. හුරතල් පාටකුත් ඒ මූණේ තිබුණා. මට කටකොනකින් හිනා ගියේ එයාගෙ මූණේ හුරතල් පාට දකින්න මන් කවදාවත් එයා දිහා උවමනාවෙන් බලලා නෑ නේද කියලා මතක් වෙලා. එයාට තිබුණේ හරි නිවුන හිනාවක්. ඒක දැක්කෙත් අද උදේ සාලෙ තියලා තිබුණ අපේ වෙඩින් ෆොටෝ එකෙන්. අද වෙන්න ඇති මම වෙඩින් ෆොටෝ එක දිහා උවමනාවෙන් බලපු පළවෙනි වතාව. ඒ මූණ දිහා කල්පයක් උනත් බලන් ඉන්න පුළුවන්. එයා දිහා බලන් හිටපු මගේ කල්පනාව බිඳුනේ රූම් එකේ දොර ඇරුණු නිසා. අපේ මමීයි, එයාගෙ අම්මයි. මමී මාව දැකලා පුදුම උනත් මන් දිහා බලලා අහක බලාගත්තෙ නොදැක්ක ගානට. එයාගෙ අම්මත් මගේ මූණ දිහාවත් බැලුවෙ නෑ. තමන්ගෙ දරුවට තිරිසනෙක් වගේ ගැහුව මිනිහෙක් එක්ක මොන කතාද. හරිනම් ඒ අම්මා මට ගහන්න ඕනේ. මම මෙතන නිසා අම්මලා දෙන්නම ඉන්නේ අපහසුවෙන් කියලා තේරුණ මම නැගිටලා එළියට ආවා. එළියට ආව මම එහෙන්මම ධනුජව හොයාගෙන ගියේ මගේ හිතේ තියෙන හැම දෙයක්ම ඌට කියලා හිත නිදහස් කරගන්න හිතාගෙන.
◒◓◒◓◒◓◒◓◒◓◒◓
සතියකට පසු,
සතියක් ඒ විදිහටම ගෙවිලා ගියේ ජාන් තාමත් ඒ විදිහටම ඉන්නකොට. එයාගෙ තුවාල හොඳ වෙලා නිරෝගී පෙනුමක් තිබුණත් එයා තාමත් ඇස් ඇරියේ නෑ. පුරුද්දක් විදිහට උදේ, දවල්, රෑ කියලා වෙනසක් නැතුව මන් එයාව බලන්න ගියත් තාමත් එදා ඉඳන් මමීවත් , ඩැඩීවත් මාත් එක්ක කතා කරේ නෑ. අදත් මම මේ උදේම එයාව බලන්න යන ගමන්. වාහනේ ඩ්‍රයිව් කරගෙන යන අතරෙම මට මතක් උනේ ළඟදි දවසක ධනුජ එක්ක මන් කතා කරපු දෙයක්.
"යීබෝ දැන් උඹ මේ කරන වැඩේ තේරුම මට ඉස්සෙල්ලා කියලා ඉඳපන්කො."
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...