ඇඟට දැනෙන තෙහෙට්ටුවත් එක්ක මන් ඇස් ඇරියෙ එයා ළඟ නැති වෙනකොට. අද නිවාඩු කිව්වනෙ. ජනේලෙන් වැටිලා තියෙන තද ඉර එළිය නිසා මම බැලුවෙ ඔරලෝසුව දිහා. දවල් වෙලත් එක්ක. ඇස් ඇරියට මම තාමත් ඇඳට වෙලා හිටියෙ හෙලවෙන්නවත් බැරි තරම් ඇඟට තෙහෙට්ටු නිසා. ඊයෙ රෑ පත්තු කරපු ඉටිපන්දම් දිය වෙලා ගිහින් තියෙද්දි රෝස පෙති සීසීකඩ විසි වෙලා ගිහිල්ලා තිබුණා. මගෙ ඇඟේ එතිලා තියෙන බෙඩ්ශීට් එකෙන් යන්තන් මගෙ නිරුවත වැහිලා තියෙනකොට මම ඇඳේ ඉන්න ගමන්ම අත දික් කරලා එයාගෙ කොට්ටෙ ඇල්ලුවෙ තාම රස්නෙ තියෙනවද බලන්න. ම්හු නෑ. ඒ කියන්නෙ එයා නැගිටලා ගිහින් ගොඩක් වෙලා වෙන්න ඇති. මාත් නැගිටින්න ඕනෙ නිසා අමාරුවෙන් ඇඳේ කෙලින් වෙනකොට බඩෙන් වගේම පිටකොන්දෙන් දැනෙන වේදනාවට මගෙන් කෙඳිරියක් පිටවුනේ ඇස් වලින් කඳුළු පනිද්දි.
"ම්හ්.."
ඇඳේ ඉඳගන්න බැරි නිසා බෙඩ්ශීට් එකට උඩින් බඩත් අල්ලගෙන වකුටු වෙලාම ඇඳේ හාන්සි උනේ කාමරේ දොර ළඟින් එයාගෙ කටහඬ ඇහෙනකොට.
"ඔයා නැගිට්ටද මැණික?"
එයා දුවගෙන වගේ ඇඳ ළඟට ඇවිල්ලා මාව තුරුල් කරගත්තෙ මමත් එයාට තුරුල් වෙනකොට.
"රිදෙන..වනෙ."
මන් එහෙන්මම ඔළුව උස්සලා එයාට කිව්වෙ ඇස් කොන් වලින් කඳුළු ගලන් යනකොට.
"හරි මැණික. අපි වොශ් එකක් දාගෙන ඇවිල්ලා පොඩි දෙයක් කාලා පේන්කිලර් එකක් බොමු.ම්ම්ම්. මම ඔයාට කන්න දෙයක් හදන්න පහළට ගියේ නැගිට්ටම පේන්කිලර් එකක් බොන්න ඕනෙ නිසා."
බෙඩ්ශීට් එක යටින් අතදාලා මගෙ පිටකොන්ද පිරිමදින ගමන් එයා කියද්දි මන් තව ටිකක් එයාට තුරුල් උනා.
"කෝ නැගිටින්න පණ."
මගෙන් එයාව ඈත් කරලා එයා මගෙ ඇඟේ ඔතන් ඉන්න බෙඩ්ශීට් එක අයින් කරනකොට මන් කෙඳිරිගෑවෙ එපා කියන්න.
"කෝ ඉතින් එන්නකො වස්තුව."
"අනේ මට ලැජ්ජයි."
"ආ.. හරි වැඩේ තමයි. මම ඊයෙ රෑ ඔක්කොම දැක්කනෙ."
හිනාවෙලා කියපු එයා මම පෙරවන් හිටිය බෙඩ්ශීට් එක අයින් කරලා මාව අත් දෙකට ගත්තා. මන් ලැජ්ජාවටම එයාගෙ බෙල්ලෙ ඔළුව හංඟගන්නකොට එයා මාවත් එක්කන් වොශ්රූම් එකට ඇවිත් බාත්ටබ් එකට උණුවතුර පුරවල මාව ඒකෙන් තියලා මට උදව් කරේ වොශ් දාලා ඉවර වෙනකොට මම ලැජ්ජාවටම රතු වෙලා තියෙද්දි.
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...