Wang Yibo's pov,
ශනූ එක්ක රූම් එක ඇතුළේ හිටිය මම එළියට ආවේ ශනූව ගෙදර එක්කන් යන්න හිතාගෙන. එළියට ආපු මම නොදැනිම බැලුවේ ජාන්ගේ රූම් එක දිහා. දොර ඇරලා තියෙනවා. ඒත් පෙන්න නෑ. කොහොමත් මට ඒ මිනිහගෙන් ඇති වැඩක් නැති නිසා මම පඩිපෙළ බැහැගෙන සාලෙට ආවා. අහින්සක මූණ පෙන්නන් ඉන්න කපටියෙක්. අපේ මමීවයි ඩැඩීවයි රවට්ටලා මගේ ඇඟේ එල්ලුනා.
එහෙන්මම ශනූ එක්ක වාහනේ නැගලා ආව මම එයාව ගෙදරට දාල ගෙදර ගිහින් අරූගේ මූණ බලන් ඉන්න බැරි නිසා එහෙන්මම වාහනේ හැරෙව්වේ මගේ බොක්කගෙ ගෙදර යන්න. නිවාඩු ආවම මන් වැඩි හරියක් ඉන්නේ එහෙ තමයි. ජාන්ගෙයි මගෙයි ප්‍රශ්න මමීලා දන්නේ නැති නිසා මමීලගෙ ගෙදර යන්නත් බෑ. ඉතින් ඌත් එක්ක බෝතල් පාර්ටියක් දාලා රෑ වෙලා ගෙදර යනවා. එහෙ ඉතින් ගොඩක් වෙලාවට මගේ යාළුවෝ ඔක්කොම වගේ සෙට් වෙනවා. ගොඩාක් වෙලාවට කියන්නේ හැමදාම වගේ. ධනුජයා ඌ තමයි ඉතින් මගෙ බොක්ක. ධනුජලගේ ගෙදර මිදුලට වාහනේ දානකොටම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවෙ මමීගෙන්.
"හෙලෝ මමී."
"පුතා අනේ ජාන්ව ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේලු ඉන්නේ."
මමී කිව්ව දේත් එක්ක හිත කලබල උනත්
මන් එනකොට ජාන් ගෙදර හිටියෙ නෑ නේද කියලා මතක් උනා. මේ මිනිහා මොන මඟුලේ ගිහිල්ලද."මොකක්?"
"ඔව් පුතා හොස්පිටල් එකේ මගේ යාළුවෙක් ඉඳලා එයා කෝල් කරලා කිව්වේ. මන් ජාන්ගේ අම්මටත් කිව්වා දැන් එනවා ඇති. මාත් මේ යන ගමන්."
"මමී මන් කෑම්ප් එකේ ඉන්නේ මට එන්න විදිහක් නෑ. මන් තියනවා."
ගෙදර ඇවිල්ලා කිව්වා නම් මට අනිවාරෙන් දැන් හොස්පිටල් ගානේ යන්න වෙන නිසා මමීට බොරුවක් කිව්වා.
"පුතා..හෙලෝ පුතා.."
මමී කතා කරනවා ඇහුනත් ඇහුනේ නැති ගානට කෝල් එක කට් කරේ ඌ මැරුණත් මට වැඩක් නැති නිසා. කෝල් එක කට් කරපු මන් ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මේ මමී දිගටම කෝල් ගන්න නිසා. එදා රෑත් යාළුවො සෙට් එක එක්ක බෝතල් පාර්ටිය දාලා ධනුජයගෙ ගෙදරම නිදා ගත්තා.
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...