Chapter 10

2.2K 350 19
                                    

පාරෙන් එහා පැත්තෙ වාහනේ ළඟට යන්න එයා පාර පනිනකොට මමත් දෙපාරක් හිතන්නෙ නැතුව එයාගෙ පස්සෙන්ම පාර පැන්නෙ වේගෙන් මගේ පැත්තට එන වාහනේ මගෙ ඇස් වලට මග ඇරෙනකොට.

"ජාන්..."

එයා මගෙ නම කියලා කෑ ගහනවා ඇහෙනකොට ඒත් එක්කම වගේ මාව පාරෙන් එහා පැත්තට ඇදිලා ගිහින් උණුසුමකට තුරුළු උනේ වේගෙන් ආව වාහනයක බ්‍රේක් සද්දයක් ඇහෙනකොට.

උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි උන මම ශක්තිමත් අත් දෙකකට වගේම උණුසුම් පපුවකට තුරුළු වෙලා හිටියා. තාමත් මගෙ පපුව වේගෙන් ගැහෙනකොට මම තුරුල් වෙලා ඉන්න පපුවත් ඒ හා සමානවම වේගෙන් ගැහෙනවා මට ඇහුණා. කන ළඟින් ඇහුන බිඳුණු කටහඬකට මම ඔළුව උස්සලා බැලුවා.

"මාව මරන්නද හදන්නෙ මැණික."

ඔළුව උස්සලා බැලුව මම දැක්කෙ මාවත් තුරුළු කරගෙන කඳුළු පිරුණු ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්න එයාව. වට පිටාවෙ සෙනඟ එතනට එකතු වෙනකොට මාව එක්කන් යන්න ආව අප්පච්චිත් මම හැප්පෙන්න ගිය වාහනේ අය එක්ක කතා කරලා පිටත් කරනවා මම දැක්කෙ එයාට තුරුළු වෙලා ඉන්න ගමන්මයි. ඩොක්ටර් ආකාශ් තාමත් පාරෙන් එහා පැත්තෙ ඉඳන් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා මම යන්තම් දකිනකොට මාව තුරුල් කරගෙන හිටිය එයාගෙ අත් තව ටිකක් තද වෙනවා මට දැනුණා.

ටිකකින් අප්පච්චි අපි දෙන්නා ඉන්න තැනට එනකොට එයා මාව එයාගෙ තුරුලෙන් අයින් කරලා මාව අප්පච්චි ඉන්න පැත්තට හිමින් තල්ලු කරේ මගෙ ඇස් වලට ආයෙමත් පාරක් කඳුළු උනනකොට. මම එහෙන්මම අප්පච්චිගෙ පපුවට තුරුළු වෙනකොට එයා කතා කරා.

"මම යන්නම් අන්කල්."

අප්පච්චිටත් කියන්න දෙයක් නැතුව ගොළු වෙනකොට එයා මගෙ දිහායි මමයි අප්පච්චියි ඉන්න පැත්තට ඇවිදන් එන ඩොක්ටර් ආකාශ් දිහායි කලකිරුණු ඇස් වලින් එක පාරක් බලන ගමන් ලොකු හුස්මක් පහත දාන ගමන් වාහනේ දොර ඇරියා. තව එක පාරක්වත් මගෙ දිහා බලන්නෙ නැතුව එයා යන දිහා මම අප්පච්චිගෙ තුරුලෙ ඉඳන් බලාගෙන හිටියෙ කඳුළු පිරුණු ඇස් වලින්.

"සොරි ජාන්. මම හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා."

අපි ළඟට ආව ඩොක්ටර් ආකාශ් කියනකොට මම මොකුත් නොකියා බැල්මක් විතරක් දීලා අප්පච්චි එක්ක ඇවිත් වාහනේට නැග්ගා. වාහනේ වීදුරුවට ඔළුව තියාගත්ත මට එයාගෙ ඇස් මතක් උනේ කඳුළු කම්මුල් දිගේ බේරෙනකොට. තව පොඩ්ඩෙන් මාව බේරගන්න ගිහින් එයා හැප්පෙනවා. ඉස්සර පොඩිවත් අනුකම්පාවක් පෙන්නුවෙ නැති එයා දැන් මාව බේරගන්න පාරට පනින්න තරම් මට ආදරේ කරනවද දෙයියනේ. අප්පච්චිත් කතාවක් නැතුවම වාහනේ ඩ්‍රයිව් කරගෙන එනකොට ගෙට ආව ගමන් මම අම්මට තුරුළු උනා.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now