"පුතා අර දරුවා ඇවිල්ලා පහළ ඉන්නවා. ඔයා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑලු."
එතකොට කෝල් අරන් තියෙන්නෙ එයාද.
"හරි අම්මා මම එන්නම්."
මම ඇඳුමක් දාගෙන පහළට එද්දි එයා සාලෙන් වාඩි වෙලා ඉන්නවා. අප්පච්චි එක්ක කතාවක්. මම පහළට ආවම පුටුවෙන් නැගිට්ට එයා මගේ අතින් අල්ලගෙන අප්පච්චිට කතා කරා.
"අංකල් මන් මෙයාව පොඩ්ඩක් එළියට එක්කන් යනවා. රෑ වෙන්න කලින් එක්ක එන්නම්."
එහෙම කිව්ව එයා අප්පච්චි උත්තරයක් දෙන්නත් කලින් මාව ඇදගෙන එළියට ආවා. ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම මාව එළියට ඇදන් යන එයාගෙන් මම මගෙ අත ගලවගන්න හැදුවෙ දඟලන ගමන්.
"කොහෙද මාව මේ එක්කන් යන්නෙ. මට එන්න බැහැ යීබෝ. අතාරින්නකො."
මම කියද්දි එයා මාව අතෙන් ඇදලා තල්ලු කරලා දැම්මේ වාහනේ පැත්තට.
"මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කට වහගෙන වාහනේට නගිනවා. මන් බොහොම ඉවසීමෙන් කියන්නෙ ජාන්."
දත් මිටි කාගෙන මගෙ මූණට ඇඟිල්ල දික් කරගෙන එයා කිව්වත් මම ඇහුනෙ නෑ වගේ ගෙට යන්න හදද්දි එයා මගෙ අතින් ඇදලා වාහනේ දොර ඇරලා වාහනේ ඇතුළට මාව තල්ලු කරා. ඊට පස්සෙ ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උන එයා වාහනේ මිදුලෙන් එළියට දැම්මෙ වේගෙන්. වේගෙන්ම එයා වාහනේ ඩ්‍රයිව් කරද්දි පාරෙ එන අනිත් වාහන මූණටම වගේ එනකොට බයටම මම එයාට කෑ ගැහුවා.
"අනේ මහත්..තයා හෙමින් යමුකෝ..මට බය..යි."
එයාගෙ අතේ එල්ලිලා මම ඉකි ගගහ කියනකොට එයා වාහනේ වේගෙ අඩු කරලා වැඩිය වාහන නැති අතුරු පාරක් ඇතුළේ වාහනේ නැවැත්තුවා. වාහනේ නැවැත්තුව එයා කේන්තියෙන් මට කතා කරේ මාව ගැස්සිලා යනකොට.
"දැන් කියපන් උදේ වෙනකන් හොඳට ඉඳලා හවස් වෙනකොට වැහුන යකා මොකාද කියලා."
මන් උත්තරයක් නොදී හයියෙන්ම අඬද්දි එයා වාහනෙන් බැහැලා ඇවිත් මගේ පැත්තේ දොර ඇරලා මාව ඇදල එළියට ගත්තා.
"අඬන එක නවත්තනවා ඔක්කොටම කලින්."
".........."
"යකෝ මාව මග අරින්න කලින් උනේ මොකද්ද කියපන්. උඹට මොකද්ද උනේ කියපන් ජාන්."
YOU ARE READING
🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfictionඅත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙන...