Chapter 8

2.2K 367 29
                                    

"මට එයා ළඟට ආපහු යන්න බෑ අප්පච්චි. මාව යවන්න එපා. ඔයාල දන්නෙ නැති උනාට එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. එයාට එයාගෙ නිදහස හොයාගෙන යන්න පුළුවන් විදිහට මට ඩිවෝර්ස් එක අරන් දෙන්න අප්පච්චි. එයා සතුටින් ඉන්න..වා නම් ම..ට ඒ ඇ..ති."

මම අඬ අඬ අප්පච්චි එක්ක කතා කරේ අප්පච්චි මොකුත් නොකියා දිගටම මගෙ ඔළුව අතගානකොට. ඊළඟට අම්ම කිව්ව දේත් එක්ක මන් අප්පච්චිගේ පපුවෙන් ඔළුව උස්සලා අම්මා දිහා බැලුවා.

"ඔයා ඇක්සිඩන්ට් උන දවසට පස්සෙ දවසෙ නෙතූගෙන් අපි හැම දේම දැනගත්තා. ඔයා ඒ ගේ ඇතුළේ හිටිය විදිහ ගැන. ඉස්සෙල්ලාම ඔයාව බලන්න යීබෝ පුතා ආව දවසෙ තමයි අපි දැනගත්තෙ ඒ ළමයා ඉඳලා තියෙන්නෙ ගෙදර කියලා. අප්පච්චි එදාම මේ කසාදෙ ඉවර කරන්න කතා කරද්දි යීබෝ පුතාගෙ අම්මා තමයි ඒක නතර කරේ ඔයාට සිහිය එනකන් ඉවසමු කියලා. කොහොමින් කොහොමහරි ඔයාට සිහිය එන්න පරක්කු වෙනකොට අප්පච්චිට තවත් ඉවසන්න බැරි වෙලා එදා උන සිද්ධිය අහගන්න මමයි අප්පච්චියි එහෙ ගෙදර ගියා. යීබෝ පුතාව දැක්ක ගමන් අප්පච්චි කම්මුල් පාරවල් දහයක් විතර ඒ දරුවට ගහගෙන ගහගෙන ගියා. මන්වත් යීබෝ පුතාගෙ අම්මයි තාත්තවත් අප්පච්චිව නතර කරන්න හැදුවෙ නෑ. අඩුම තරමේ ඒ දරුවාවත්. අන්තිමට අප්පච්චි කසාදෙ ඉවර කරලා දානවා කිව්වම යීබෝ පුතා අඬ අඬ කිව්වෙ ඔයාට ආදරේ කරනවා ඔයාව ඈත් කරන්න එපා කියලා. ඒ වගේම ඔයා ඇක්සිඩන්ට් වෙන්න කලින් එදා සිද්ධ උන හැම දෙයක්ම අපිට කිව්වෙ අප්පච්චි තවත් පාරවල් දෙක තුනක් ගගනකොට. අන්තිමට අපි එහෙන් ආවෙ ඔයාගෙ තීරණයකට කැමති වෙන්න හිතාගෙන. මොකද අපි ඔයාව බලෙන්ම බන්ඳලා දුන්නට පස්සෙත් අපිට බලෙන් ඔයාව එයාගෙන් අයින් කරන්න තවත් අයිතියක් නැති නිසා. ඒ පුතා ඒ දරුවට ආදරේ නිසා. ඔයාට ඒ දරුවගෙන් අයින් වෙන්න එපා කියලා අපි ඔයාට බල කරන්නෙ නෑ පුතා. පුතා ගන්න ඕනම තීරණයකට අප්පච්චියි මමයි ඔයා එක්ක ඉන්නවා. අපි ඔයාට ආයි පාරක් ඩිවෝර්ස් එක ගැන හිතන්න කියන්නෙ ඔයා සිහිය නැතුව හිටිය දවස් ටිකේ වගේම ඊට පස්සෙත් ඔයා ගැන ඒ දරුවා වද වෙන හැටි දැක්ක නිසා. ඒ වගේම දෙන්න දෙන්නට ආදරෙයි නම් දෙපැත්තක ඉඳන් ආපහු පාරක් ඔය දෙන්නටම දුක් විඳින්න වෙයි කියල අපිට බයයි රත්තරන්. ඒ කොහොම උනත් පුතාට දැන් ඕනම තීරණයක් ගන්න වෙලාව තියෙනවා."

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now