දම්වැල් යොදලා තිබුණ දොරවල් දෙකම ඇරිය යුංගි තමන්ගෙ දෙපසින් සෙබළු කීපදෙනෙක් පන්දම් රැගෙන යද්දි ඉදිරියට ඇවිදගෙන ගියේ පෙරදා රාත්‍රියේ උමඟ දෙදරුම් කන තරම් තදින් ඇසුණ වේදනාකාරී හඬවල් පාන්දර හඳ බැස යනවාත් සමඟ ම හෙමි හෙමින් මැකී ගිය අයුරු සිහි කරමින්....උමඟ කෙළවර යකඩ කූඩුවෙ දොර යතුරෙන් විවෘත කරපු යුංගි මැදට වෙන්න බිම වැතිරිලා හිටිය තරුණයා දිහාට තරමක් වේගයෙන් ඇවිද ගියා....
"ජන්කුක්? ජන්කුක් මාව ඇහෙනවද?"
ලේ වලින් වැහිලා තුවාල වෙලා ඉන්න තරුණයාට පෙර දවස්වල මෙන් සිහි නැති වෙලා ද යන්න තහවුරු කර ගැනීමට යුංගි තරුණයාගෙ උරහිස් යන්තමට සොලවමින් කතා කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ....හුස්මක් පහත හෙළුෑ යුංගි තරුණයව අත් දෙකට අරගෙන නැඟිටලා ගුහාවෙන් එළියට එද්දිත් සිහි නැතිව හිටි තරුණයගෙ බෙල්ල පණ නැතිව වාගෙ පැත්තකට කඩන් වැටිලා තිබුණා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."විශ්වාසද එයා හොඳින් කියලා?ගොඩක් සුදුමැලි වෙලානෙ ...."
ඇඳේ වැතිරිලා කිසිම හැල හොල්මනක් නැතිව ඉන්න ජන්කුක් දිහා බලාගෙන ජිමින් ඇහුවෙ කණස්සල්ලෙන් වගේ....
නරවෘක රාජධානිය මිනිසාගෙ මානයෙන් සැඟවිලා තිබුණත් මිනිස් මානයට කාලයක් තිස්සෙ යන එන නරවෘකයන් නිසා ඔවුන්ගෙ ඇතැම් චර්යා රටා මිනිස්සුන්ට සමාන වුණා.... නරවෘක රාජධානිය විදුලිය, තාක්ෂණය අතින් මිනිසුන්ට වඩා පසුපසින් හිටියත් මිනිසුන්ගේත් නරවෘකයින්ගේත් ඇඳුම් පොළඳුම් රටාව බොහෝ දුරට මේ වෙද්දි සමාන වෙලා තිබුණා...
ලා දුඹුරු පාට කකුල් ලොකු සැහැල්ලු දිග කලිසමකට සුදු පාට තමන්ට වඩා ලොකු කමිසයක් ඇඳලා හිටිය ජිමින්ගෙ දුඹුරු පාට කොණ්ඩෙ මූණට වැටිලා ඇස්වලින් බාගයක් ම වැහිලා තිබුණෙ ජිමින්ගෙ පෙනුම හුරතල් කරලා...ජිමින් විවාහ වෙලා වසර ගණනක් ගත වෙලා තිබුණත් බැලූ බැල්මටම ජිමින් වර්ධනය වන අවධිය නිම කළ නරවෘකයෙක් බව කිසිම කෙනෙක් අනුමාන නොකරන තරම් හුරුබුහුටි සියුමැලි පෙනුමක් ජිමින්ට ලැබිලා තිබුණා....
YOU ARE READING
The Destiny's Choice
FanfictionEach and every soul has a fate that already planned by the destiny.....