CHAPTER 05

89 23 24
                                    


ජින් හිටියෙ උද්‍යානය කෙළවරට වෙන්න තියෙන ලී ඔන්චිල්ලාවෙ වාඩිවෙලා....ජින් දැනෙන නොදැනෙන ගානට ඉස්සරහට පස්සට පැද්දුණත් ඒකෙන් පුංචිමවත් සද්දයක් ආවෙ නැති නිසා උද්‍යානයේ වතුර මල ළඟට ඇවිත් හිටිය පුංචි කුරුල්ලො රංචුව එයාලගෙ පාඩුවේ නෑවා,වතුර බිව්වා,සෙල්ලම් කළා...ජින්ගෙ යන්තමට අළු පාට ඇස් අද රතු පාටට හුරු වෙලා...යන්තමට... හරියට තුනී වීදුරු කාච දෙකක් එකවතාවක් ලේවල පොඟවලා අරගෙන වගේ....

රතුපාට ඇස් තිබුණෙ ජින්ගෙ වැම්පයර්ට....එයා මතුවෙන්නේ හරි හදිස්සියෙන්....අද රතු හඳ දවසක් නිසා වෙන්න ඇති කියලා ජින් හිත හදා ගන්න උත්සාහ කළත් ඒ අදහස ජින්ව බය කළා...

රතු හඳ කියන්නෙ කලාතුරකින් පුරහඳ පායන දවසක සිද්ධ වෙන චන්ද්‍රග්‍රහණයක් නිසා ඇතිවෙන සංසිද්ධියක්....වෙනදට කිරිපාට හඳ එදාට රතු පාට නැත්තන් රතුපාටට හුරු දුඹුරු පාටකට හැරෙනවා...රතු හඳක්(Blood Moon) පායන්නෙ අවුරුදු තුනකට හතරකට සැරයක් වෙද්දි එකම අවුරුද්දකට තුන්වතාවක් රතුහඳ පේන මේ වගේ අවුරුද්දක් ආවෙ අවුරුදු දෙසිය ගානකට සැරයක්...අවුරුද්දෙ පළවෙනි මාසෙ පායන පුරහඳ Wolf moon ට පස්සෙ නරවෘකයන්ට දරන්න අමාරුම දවස තමයි රතු හඳ....

ඒ දවස්වලට නරවෘකයෝ වෙන දවස්වලට වඩා ආවේගශීලී වෙනවා වගේ ම ශක්තිමත් වෙනවා....
එදාට සාමාන්‍යයෙන් හැම නරවෘකයෙක් ම වගේ හරි කලබලයි....තමන්ගෙ ආත්ම සහකරුගෙ උවමනාව වෙනදාටත් වඩා දැනෙන රතුහඳ දවසක් කියන්නෙ නරවෘකයින් හෙම්බත් වෙන දවසක්..

රතුහඳ වැම්පයර්වරුන්ට බලපෑමක් නැහැ කියලා පොදු මතයක් තිබුණා ගොඩක් පරණ මිථ්‍යා විශ්වාසයක් තිබුණා රතුහඳ ඇති කරවන්නෙ ලෝකයට අමතක වෙලා ගිය පෘථිවියේ පහළ වුණත් මේ වෙද්දි ලෝකෙන් හැංගිලා ඉන්න බලවත් ම වැම්පයර්වරු කොට්ඨාසයක බලපෑම නිසා කියලා...

මේ මේ අවුරුද්දේ පායන රතුහඳ තුනෙන් දෙවනි එක නිසා ජින් හිටියෙ බයවෙලා....එයා ගැන හොයන්න කියලා කෙනෙක් නැහැ....එයාට වෙන ඇල්ෆා කෙනෙක් විශ්වාස කරන්නත් බැහැ...මොනවා හරි වුණොත් එයාගෙ ඇල්ෆාත් එයා ළඟ නැහැ....

ඒ නිසයි උදේ ඉදලා ම ජින් තමන්ව සන්සුන් කර ගන්න උත්සාහ කරන්නෙ....ඒත් ජින්ගෙ වැම්පයර් අවධි වෙලා කියලා තේරුණා ම ජින් හිටියටත් වඩා කලබල වුණා...

The Destiny's ChoiceWhere stories live. Discover now