CHAPTER 10

56 14 12
                                    


"අහ්..."
ජින්ගෙ තොල් අතරින් මිමිණිල්ලක් පිට වෙද්දි ජින් එක්ක ම ඇවිදන් ආව ජන්කුක් වගේම ජිමිනුත් හැරිලා බැලුවෙ ජින් දිහා...

ජින් පාන්දර ම බ්ලැක් බෙරි කේක් හදන්න ආසයි කිව්ව නිසා ජන්කුක් බ්ලැක් බෙරි ගේන්න මිටියාවතට යන්න හැදුවත් ජින්ට යන්න ම ඕන වුණ නිසා ජිමිනුත් එයාලා එක්ක ආවා...එයාලගෙ පුංචි පැටියා එයාලා ළඟට එන්න දවස් ගොඩක් ළං වෙලා නිසා මේ ටිකේ ම ජිමින් නිදිය ගත්තෙත් ජින් ළඟ....යුංගි වුණත් ඒකට මොනවත් ම නොකියා හිටියෙ ජිමින් ජින්ගෙ දරුවට ජින් තරමට ම ආදරේ බව යුංගි හොඳට ම දන්න නිසා...

"ම්හ්...මට...ආව්හ්!!"
ජින් ළඟ තිබුණ ලී බංකුවක් අල්ලගෙන එක අතක් කොන්දට තියාගෙන ඇස් දෙක තද කරලා පියාගෙන තොල් හපා ගනිද්දි ජිමින් අතේ තිබුණ බෙරි බකට් එක බිමින් තියලා ජින්ව වාරු කර ගත්තා...

"හ්‍යුන්...ඇයි මේ..."

"ආව්හ්...ජ්-ජිමි...න්...එ-එයා...එයා එන්...න.. ළ්-ළඟයි... ම්-මං හ්-හිත්-"

"අපි ඉක්මනට මාළිඟාවට-"

"ව්-වෙලාව...න්-නෑ...ආආව්හ්...ආහ්...ජ්-ජිමින්හ්..."
ජින් කකුල් දෙක වාරු නැතිව යද්දි ජිමින් එයාලා හිටිය තැන විස්ටේරියා ගහේ කඳට හේත්තු කරලා ජින්ව බිම වාඩි කළේ ජින් ජිමින්ගෙ අත තදටම මිරිකලා අල්ලගනිද්දි...

"ජන්කුක්! ලෝරාටයි අජුම්මටයි එන්න කියන්න.... මගේ, ජින් හ්‍යුන්ගෙ කාගෙහරි මේඩ්ලට...ඉක්මන් කරන්න!!"
ජිමින් එහෙම කියක ගමන් තමන්ගෙ ශර්ට් එක ගලවලා නමලා කොට්ටයක් වගේ හදලා ජින්ගෙ ඔලුව යටට තියලා තොල් හපාගෙන කඳුළු හිර කරගෙන ඉන්න ජින්ගෙ ඔලුව අතගෑවා...

"ලොකු හුස්මක් ගන්න හ්‍යුන්....අන්න එහෙම...දැන් හෙමින් පහළ දාන්න... බය වෙන්න එපා...මම ඉන්නවා... ඔයාට පුළුවන්..."
ජිමින් ජින්ගෙ ඇඟිලි එක්ක ඇඟිලි පටලගෙන තදට අත අලල්ගනිද්දි ජින්ට දැනෙන වේදනාව අනුව ජිමින්ගෙ අත තද වෙද්දි ජින්ගෙ ඇඟිලි තුඩු දම් පාටට කිට්ටු වෙන්න ම තද වුණා...

ජින්ට එන්න එන්න හුස්ම ගන්න අපහසුයි කියලා දැනුණත් ජින් පුංචි පැටියා වෙනුවෙන් උත්සාහ කළා... එතනට ආව මේඩ්ස්ලා ජින්ව ආවරණය කරගෙන තිර රෙදි අදිද්දි ලෝරා,නම්ජුන්ගෙ ඔම්මා වගේ ම මෙච්චර දවස් ජින්ව බලාගත්ත එයාලගෙ රාජකීය වෛද්‍යවරියත් එතනට ළං වෙද්දි ජිමින් නොනවත්වා ම ජින්ගෙ ඔලුව අතගගා ජින්ව දිරිමත් කළා...

The Destiny's ChoiceWhere stories live. Discover now