CHAPTER 09

53 12 2
                                    

"දැන් ඔයාට කොහොමද හ්‍යුන්?"
ජන්කුක් අහද්දිත් ජින් හිටියෙ ඇඳ මිට්ටමට ඔලුව තියාගෙන....ජිමින් එක්ක එළියට ගිහින් මල්පැල වලට සාත්තු කරන්න හිටියත් ජින්ට ඔලුව කැරකෙනවා වගේ කියලා ජින් ආයෙත් ගිය ගමන් ම වගේ ඇතුළට එද්දි ජිමින් ජන්කුක්ටත් එන්න කිව්වා...නම්ජුන් අකමැති නිසා වැඩිය ජින් ළඟට නොආවත් හෙසෝක් වුණත් ජින් ගැන හොයා නොබලා හිටියෙ නැහැ...

ජින් කිසිම දෙයක් කන්නෙ නැතිව හැමදේම අප්පිරියයි කියද්දි ජින්ට දවසට මොනවාහරි චුට්ටක් කවා ගන්න ජිමින් පුදුම තරම් මහන්සි වුණා...දේවල් දහයක් හදන් ආවොත් ජින් යන්තන් මොනවාහරි එකක් කටේ තියන නිසා ජිමින් මේ ටිකේ දන්න දන්න සේරම කෑම හදනවා...ඒත් ජින්ට කෑම අප්පිරිය වෙලා...

අනිත් අය හිතන් හිටියත් ඒ දරුවා නිසා කියලා ජින් දන්නවා තමන්ට කන්න බැරි හේතුව මෙච්චර කල් කරපු සටනෙ අන්තිමට තමන්ගෙ ඔමේගව පරද්දලා රෆායෙල් ශක්තිමත් වෙන නිසා කියලා...දවසෙ පැය විසි හතරෙන් විස්සකටත් වඩා රෆායෙල් ජින්ව යටත් කර ගනිද්දී තමන්ගෙ පැටියට හානියක් නොකර ගන්න ජින් පුදුම තරම් මහන්සි ගත්තා...

ජින්ට කෑම අප්පිරියයි...රෆායෙල් ඉල්ලන්නෙ රස්නෙ ලේ...තමන්ගෙ කාමරේ ජන්කුක්,ජිමින්,හෙසෝක් ඇවිත් නිතර ගැවසෙද්දි ජින්ට හරි අමාරු වුණා තමන්ව පාලනය කරගන්න...දැන් වුණත් ජන්කුක් ජින් ළඟ ම ජින්ට පිටුපාලා වාඩිවෙලා ජින්ගෙ කකුල් තවද්දි ජන්කුක්ගෙ බෙල්ල පෙනෙද්දී ජින්ට දැනුණා තමන්ගෙ උල් දත් මතු වෙනවා... රෆායෙල් පාලනය කරන්න අමාරු තරමට ම ශක්තිමත් වෙලා...

"ජ්-ජන්කූ...ඔ-ඔත..නින්...නැඟි..ටින්...න..."
ජින් ඇස් පියාගෙන අමාරුවෙන් කියද්දි ජන්කුක් අතේ තිබුණ ටවල් එක පැත්තකින් තියලා ජින්ගෙ පැත්තට හැරුණා...

"හ්‍යුන් ඔයා අමාරුවෙන් ද ඉන්නෙ?"

"යන්...න...එළි...යට..."

"ඒත් ඇ-ආව්හ්!"
ජන්කුක් ජින්ගෙ නළලෙ දාඩිය පිහදන්න අත දික් කළත් ජින් ජන්කුක්ගෙ අත හිර කරලා අල්ලගෙන මැණික් කටුව ළඟට තමන්ගෙ දත් ගහද්දි ජන්කුක්ට කෙඳිරි ගෑවුණා...

"කූ!! ජින්හ්‍යු-"
ජිමින් කෑ ගහගෙන ආවත් ජින් ජන්කුක්ගෙ අත නිදහස් නොකර ම ඇස් උස්සලා බලද්දි ඒ ලේ රතුපාට ඇස්වල ජිමෘන් බය වුණා...

The Destiny's ChoiceWhere stories live. Discover now