CHAPTER 16

50 16 17
                                    


"ම්හ්හ්හ්හ්...බෑ බෑ බෑ!! මත නන්න බා! මම තලහයි!! මම එල්ලෙ ලෑඈඈඈ!!"
චූටි කොල්ලෙක් ලිවින්ග් රූම් එක මැද්දෙ බිම වාඩිවෙලා අතට අහුවෙන දේවල් හතර වටේ විසි කර කර හුරතලේට වචන අල්ලන කටහඬින් ම කෑ ගහද්දි ජිමින් ඉණට අත් දෙක තියාගෙන ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා...

ජිමින්ගෙ ඇහිබැමි ඇකිළිලා රෝස පාට පිම්බුණු තොල් දෙකත් එකට තද වෙලා...බැලුවා ම පේනවා ජිමින් ඉන්නෙ තරමක් කේන්තියෙන් කියලා...

ජිමින් දිහා බැලුවොත්...කාලය ගෙවිලා යද්දි නර වෘකයෙක්...ඔමේගා කෙනෙක් විදියට ජිමින්ගෙ තාරුණ්‍යයවත් ඒ හිත් වශී කරන ලස්සනවත් ජිමින්ගෙන් ඈත් වෙලා නැතත් ජිමින්ගෙත් යුංගිගෙත් පුංචි පවුල හැඩ කරන්න අළුතෙන් එකතු වුණ පුංචි පැටව් දෙන්නට ස්තූතිවන්ත වෙන්න ජිමින්ගෙ උකුළ ටිකක් පළල් වෙලා තිබුණෙ ඒ හීන් ඉණ තව ටිකක් කැපිලා පේන්න සලස්වලා...ජිමින්ගෙ අතපය ඉස්සරට වඩා පිරුණු ස්වරූපයක් අරන් තිබුණත් ජිමින් තමන්ගෙ බ්ලොන්ඩ් කලර් කොණ්ඩෙ වවන්න තීරණය කරපු නිසා ම ජිමින්ගෙ පෙනුම තවත් සරාගී වෙලා තිබුණා...

තමන්ගෙ හිතුවක්කාර පුංචි දඟයා මින් යූමින්ට රවාගෙන ඉන්න ජිමින් දැන් නැතුවට දැන් කොල්ලට සැර කරයි කියලා හිත හිත පඩිපෙළ බැහැගෙන ආව යුංගි හිනාවෙවී ම කොල්ලා වඩා ගනිද්දි කොල්ලා යුංගිගෙ බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා...

"ඔයා තමයි ඔය ළමයව හරියට හදාගන්න දෙන්නෙ නැත්තෙ හ්‍යුන්!!"
ජිමින් යුංගිට රවලා කියද්දි කොල්ලව වඩාගෙන ම ජිමින් ළඟට ආව යුංගි ජිමින්ගෙ කම්මුලට හාදුවක් දෙන ගමන් ඇඳගෙන හිටිය ලූස් ඩෙනිම් එකේ පිටිපස්සෙ පොකට් එකට අත දාද්දි ජිමින් යුංගිට රවලා පැත්තකට තල්ලු කළා...

"අප්පලා පුතාලා ඕන එකක් කර ගන්නවා...මමයි මගෙ චූටි මැණිකයි පුතූයි යනවා!!"
ජිමින් රවලා කියද්දි මේ පාර නම් පපාට කේන්ති ගිහින් තියෙන්නෙ ඇත්තට කියලා තේරුණ යූමින් ඔලුව උස්සලා ටික වෙලාවක් ජිමින් දිහා බලන් ඉදලා යුංගි දිහා බැලුවා...ඒත් යුංගි හිනා වෙනවා කියලා දැක්කා ම කොල්ලගෙ චූටි තද කළුපාට ඇස්වල තිබුණ තිගැස්ම ආයෙත් හුරතල් දඟකාර කමකට පෙරලිලා ඒ චූටි මූණෙ හිනාවක් ඇඳුණා...

The Destiny's ChoiceWhere stories live. Discover now