CHAPTER 13

47 19 7
                                    

"සොක්ජින්!?"
නම්ජුන්ගෙ ඇස් ලොකු වුණේ තමන්ට පිටුපාලා ආයොන්ග්ටත් තමන්ටත් අතර මැදිව හිටගෙන ඉන්න ජින්ව දැකලා...වැස්සට තෙමිලා ම ජින්ගෙ සුදු පාට ඇඳුමෙ ලේ පැල්ලම් පෙඟිලා පැතිරිලා තිබුණා...

සැහැල්ලු කලිසම වගේම ඇඟට වඩා ලොකු දුහුල් කමිසය වතුරට ඇඟට ඇලිලා තියෙද්දි ජින්ගෙ වැලමිට දිගේ ලේ බේරෙනවා දැකලා නම්ජුන්ගෙ ඇස් ලොකු වුණේ ජැක්සන්,යුංගි දෙන්නා ආයොන්ග්ව ඇදලා පැත්තකට ගනිද්දි...

"ජින්..."

"ම්-මට ස්-සමා වෙන්...න... හ්-හැමදේට...මහ්...ම්-මම අන්...තිම ප්-පොරොන්දු..වහ්...බින්..දෙ න්-නෑ..."
ජින් නම්ජුන් දිහාට හැරෙන ගමන් හිනාවෙලා කිව්වෙ තමන්ගෙ කටින් ලේ බේරෙන එක කිසිම ගානක් නැතිව...ජින්ට හිටගෙන ඉන්න පණක් තියෙන බවත් පෙනුණෙ නෑ...

"සොක්ජින්!!"
"හ්‍යුන්!!"
නම්ජුන් හැදුවෙ සමබරතාවය ගිලිහිලා පිටිපස්සට විසිවෙන ජින්ව අල්ලගන්න වුණත් ජින් අඩි සිය ගානක් උස කඳු මුදුනින් පහළට වැටෙද්දි නම්ජුන්ගෙ වගේම යුංගිගෙ හෙසෝක්ගෙ කටහඬත් පාළු කඳු මුදුනෙ කුණාටුව අතරෙම දෝංකාර දුන්නෙ ආයොන්ග්ගෙ කෙඳිරිය කුණාටුව අතරෙ හැංගිලා යද්දි...

"සොක්ජින්!!""හ්‍යුන්!!"නම්ජුන් හැදුවෙ සමබරතාවය ගිලිහිලා පිටිපස්සට විසිවෙන ජින්ව අල්ලගන්න වුණත් ජින් අඩි සිය ගානක් උස කඳු මුදුනින් පහළට වැටෙද්දි නම්ජුන්ගෙ වගේම යුංගිගෙ හෙසෝක්ගෙ කටහඬත් පාළු කඳු මුදුනෙ කුණාටුව අතරෙම දෝංකාර දුන්නෙ ආයොන්ග්ගෙ කෙඳිරිය කු...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මම ජැක්සන් වැන්ග්...සඳ දෙව්දුවගෙ තීරණය අනුව මගේ ආත්ම සහකාරිය වීමට නියමිත බීටා ලී ආයොන්ග්ව රිජෙක්ට් කරනවා...

අද ඉඳලා තමුන්ගෙයි මගෙයි තියෙන එකම සම්බන්ධය තමුන් මගෙ හ්‍යුන්ගෙ මිනීමරුවා කියන එක විතරයි ආයොන්ග්!! තමුන් මැරෙන්න වටින්නෙ නෑ...විඳවන්නයි ඕනෙ!"
ආයොන්ග්ව හේවායෙක් අතට තල්ලු කරන ගමන් මොනවදෝ රහස් සංඥාවලින් ඉඟි කරපු ජැක්සන් යුංගි ළඟට ගියේ නම්ජුන් පල්ලමෙන් පහළ බලාගෙන ඉන්න එක තැකීමක් නොකර...

The Destiny's ChoiceWhere stories live. Discover now