CHAPTER 11

51 16 12
                                    


"සිද්ධිය ආයෙත් සභාවට ඉදිරිපත් කරන්න ජැක්සන්..."
නම්ජුන් තමන්ගෙ ආසනය ඉදිරිපිට පේළියට බිම දිගා කරලා තියෙන සිරුරු හතර දිහා බලාගෙන කිව්වෙ ඇල්ෆාලා කුටු කුටු ගාන ඒව කනකට නොගෙන...

යුංගිගෙ මූණෙ කේන්තියක් මිශ්‍ර වුණ බැරෑරුම් පෙනුමක් ඇඳිලා තිබුණේ ජැක්සන් සභාව ඉදිරියට එද්දි...අද ජින්ගෙ අසුන හිස්වෙලා තිබුණත් පැක් එකේ අනාගත උරුමකරු වුණ නම්ජුන්ගෙ පප්ව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ජිමින් ජින්ගෙ අසුනට යාබද අසුනෙ වාඩිවෙලා හිටියා...ජිමින්ගෙ අසුන වටා දුහුල් සේද තිර ඇදලා තිබුණ නිසා කාටවත් ජිමින්ව වත් දරුවව වත් පැහැදිලිව නොපෙනුණත් වැඩිහිටියො සතුටු වුණා පැක් එකට අනාගත උරුමකරුවෙක් ඉන්න එක ගැන...

ඒත් ජිමින්ගෙ හිත යට බයක් තිබුණා හෙඩ් ඇල්ෆාගෙ පප් ඔමේගා කෙනෙක් වුණ එකට පැක් එකේ අනිත් ඇල්ෆාලා මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියලා...

"මියගොස් සිටින ෆීමේල් ඔමේගා ඇයගේ මේට් බීටා සහ දරුවන් දෙදෙනා සමඟ බටහිර සීමාව ආසන්නයේ ජීවත්වුණ තැනැත්තියක්...

ඔවුන්ව ඊයේ රාත්‍රියේ නිවස තුළදීම දරුණු ලෙස ඝාතනය කර තිබෙනවා... ඔමේගාවන් දෙදෙනාම බරපතල ලෙස අ**ජනය වී ඇති අතර අනෙක් දෙදෙනා තියුණු කැපුම් තුවාල නිසා මිය ගොස් ඇති බව සනාථ වී තිබෙනවා...

ඔවුන් නිර්දෝශී අහිංසක සාමාන්‍ය වැසියන් බවත් මෙම ක්‍රියාව හන්ටර් පැක් එකේ ඇල්ෆාවරුන්ගේ ක්‍රියාවක් බවට සාක්ෂ්‍යත් සනාථ වී අවසන් ඇල්ෆා කිම්..."
ජැක්සන් ආචාර කරලා පැත්තකට වෙද්දි නම්ජුන් ඒ දිහා කලකිරීමකින් බලාගෙන හිටියා...

"අප ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතුයි ඇල්ෆා කිම්!!"
එක ඇල්ෆා කෙනෙක් සද්දෙට කියද්දි තවත් අය ඒක අනුමත කරන්න අත් එසෙව්වත් නම්ජුන් නිහඬවම ටික වෙලාවක් බලාගෙන හිටියා...

"මෙය බොහෝ කලකට පසුව පළමු අවස්ථාව බැවින්... අප ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි ඇල්ෆා කිම්...එයයි වඩාත් යෝග්‍ය..."
නම්ජුන්ගෙ උපදේශක කෙනෙක් නැඟිටලා දෙක නැමීගෙන කියද්දි නම්ජුන් යුංගිගෙ පැත්තට හැරුණා...

The Destiny's ChoiceWhere stories live. Discover now