CHAPTER 14

54 17 28
                                    


"චූටි මැණික....කෝ කියන්න...ඩ..ඩා... කෝ...ඩ...ඩා..."
යුංගි අවුරුද්දක් පිරෙන්න තව මාස දෙකක් වගේ තියෙන එයාගෙ පණ ටිකව සාලෙ සෝෆා එකේ ඉන්දලා එතනම ඉස්සරහ බිමින් එරමිණිය ගොතාගෙන වාඩිවෙලා අත්පුඩි ගහන ගමන් දරුවට වචන අල්ලන්න උදව් කරනවා...

"නෑ අනේ ඔයා ඉන්න හ්‍යුන් එයා කියන්නෙ පපා කියලා... කෝ පුතූ කියනවා හරිද...ප..පා...කෝ කියන්න...ප... පා..."

"ප්-ආආආආආආ!!"
ජිමින් නිවාගෙන ආව දරුවගෙ සුප් එක තව ටිකක් නිවන්න හැන්දෙන් මික්ස් කරන ගමන් සෝෆා එකේ ඇන්දට උඩින් එබිලා දරුවගෙ කම්මුල එබෙන්න ම හාද්දක් දීලා කියද්දි පුංචි පැටියා යන්තන් වචනෙ ඇල්ලුවත් ජිමින් පහතට නැමුණ නිසා එයාගෙ අත මානෙ පැද්දෙන ජිමින්ගෙ නෙක්ලස් එක අල්ලගත්ත හුරතලේ ඒක කටට අදින ගමන් සද්දෙට ම කෑ ගහද්දි යුංගිට හිනා ගියා...

දරුවා නිසා එයාලගෙ මැන්ශන් එක හැමවෙලේම සද්ද වලින් පිරිලා...ජිමින් වුණත් පාලුවෙන් කල්පනා කරනවට වඩා හරි සතුටෙන් ඉන්නවා... දරුවට කිරි දෙන්න ඕන නිසා යුංගි බලෙන් එන එන පලතුරු ජාති කෑම ජාති කවල ම ජිමින් අවුරුද්දකට කලින් හිටියට වඩා ටිකක් මහත් වෙලා...පිම්බිලා රෝස පාට වෙලා...

තමන්ගෙ හුස්ම ටික වුණ ජිමින්ගෙ ඇස් හැංගිලා තියෙන හිනාව ආයෙ ගේන්න තිබුණ ලොකුම හේතුව මේ දරුවා...එදා ජින්ට වුණ දේවල් දරා ගන්න බැරි ව ජිමින් හැමෝගෙන් ම ඈත් වෙද්දි ජන්කුක් පිස්සෙක් වගේ ජින්ව හැම තැනම හොයද්දි යුංගිට සිද්ධ වුණා තමන්ගෙ වගකීම් පැත්තක තියලා තමන්ගෙ ජීවිතේ ගැන හිතන්න...

ජිමින්,ජන්කුක් හොඳින් නැහැ කියන්නෙ යුංගිට ඒ ජීවිතෙන් වැඩක් නැහැ...දැනට ම නැති වුණ ජින්ව ආයෙ ගේන්න බැරි වුණත්...එයා ළඟ ඉන්න අයව සතුටෙන් තියන්න යුංගි නොකරන කැප කිරීමක් නැහැ...

නම්ජුන් දරුවව හිතක් පපුවක් නැති ගානට සර්වන්ට්ස්ලට දෙන්න කියද්දි යුංගි නීතියෙන් ම දරුවගෙ අයිතිය එයාට ගත්තා...ඉපදිලා මාසයක් වෙනකල් ම නම්ජුන්ට නමක් තියන්න උවමනාවක් නොතිබුණ දරුවට යුංගි තමන්ගෙ වාසගම දීලා ජිමින් කැමති නමක් තිබ්බා...

මින් ටේහ්‍යුන්...මින් යුංගිගෙ පණ ටික...ජිමින්ගෙ ලෝකෙ පිපුණ පුංචි රෝස මල...

The Destiny's ChoiceWo Geschichten leben. Entdecke jetzt