CHAPTER 04

66 19 15
                                    


කොරිඩෝව දිගේ කිසිම කලබලයක් නැතිව ඔලුව පහතට නමාගෙන ඇවිදගෙන ආව ජින් එයාගෙ කාමරේ දොර සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න ඇරලා දොර ඇතුළෙන් ලොක් කරලා අනිත් පැත්ත හැරුණත් කාමරේ උස ජනේලෙ ළඟ තිබුණ ලොකු සුවපහසු පුටුවෙ වාඩිවෙලා හිටිය නම්ජුන්ව දැකලා ජින් ගැස්සිලා ගියා....

කොරිඩෝව දිගේ කිසිම කලබලයක් නැතිව ඔලුව පහතට නමාගෙන ඇවිදගෙන ආව ජින් එයාගෙ කාමරේ දොර සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න ඇරලා දොර ඇතුළෙන් ලොක් කරලා අනිත් පැත්ත හැරුණත් කාමරේ උස ජනේලෙ ළඟ තිබුණ ලොකු සුවපහසු පුටුවෙ වාඩිවෙලා හිටිය නම්ජුන්ව දැකලා ජින් ගැස්සිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් නම්ජුන්ව බලාපොරොත්තු වුණේ නැහැ..... ආයොන්ග් ඇවිත් හිටිය නිසා අද කොහොමටවත් ම නැහැ....ඒ දෙන්නා විවාහ වෙලා හිටියත් අවුරුදු ගානක් ගත වුණත් නම්ජුන් මේ කාමරේට දවස් පහකට වඩා ඇවිත් නැහැ....ඒ ආව එක දවසකවත් ලස්සන මතක ඉතිරි වුණෙත් නැහැ..... නම්ජුන්ගෙ හනු එකට තද වෙලා තියෙන විදිහ දැක්කා ම අදත් සිද්ධ වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියලා ජින්ට තේරුණා....

"කොහෙද ගියෙ?"
නම්ජුන් පුටුවෙන් නැඟිටලා කළුපාට දිග කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබාගන්න ගමන් අහද්දි ජින් බිම බලාගෙන හිටියා....

"මම ප්‍රශ්නයක් ඇහුවා කිමි සියෝක්ජින්!"
නම්ජුන්ගෙ කටහඬ උස් වෙද්දි ජින් වෙව්ලලා ගියා....

"ම්-මම....ඔ-ම්මා-ආහ්!!"
ජින් බිම බලාගෙන උත්තර දෙන්න හැදුවත් කම්මුලට වැදුණ සැර පහරට ජින්ට කෑ ගැහුණා.....

"කට වහපන්....එයාට තමුසෙ වගෙ කාල#@යෙක් ඔම්මා කියන්න වටින්නෑ මිනිහෝ!!"
නම්ජුන් ජින්ගෙ කම්මුල් දෙක අතකින් තද කරලා මිරිකන ගමන් කෑ ගහද්දි ජින්ගෙ ඇස්වලින් කඳුළු බේරුණා....

"න්-නම්-ජ්-ජුන්....ර්-රි-දෙනවා.."
ජින් නම්ජුන්ගෙ දරදඬු වෙලා තියෙන අත වටේ තමන්ගෙ හීන් ඇඟිලි තද කරන ගමන් කෙඳිරි ගෑවත් නම්ජුන් තල්ලු කරපු පාරට ජින් විසිවෙලා ගිහින් ඇඳ ළඟ බිමට වැටුණෙ ඇඳ කකුලෙ නළලත් වැදිලා....

The Destiny's ChoiceWhere stories live. Discover now