CHAPTER 06

61 17 19
                                    


රතු හඳ පායලා දවස් දෙකක් ගෙවුණ තැන නම්ජුන් රාජ සභාව රැස් කළා වගේ ම එදාට ජින් සභාවට එන එක චාරිත්‍ර අනුව අනිවාර්ය වුණා....ජින් පාන්දර ඇහැරෙන්න හිතාගෙන නිදා ගත්තත් එළිය වැටෙන්නත් කලියෙන් ම ජින් අමාරුවෙන් ඇඳෙන් බැහැලා නාන කාමරයට දිව්වෙ තමන්ට ඔක්කාරෙට එන නිසා....

ඊයෙ දවසම ජින් හිටියෙ ඇඳට වෙලා..ජිමින් ආවෙත් නැති නිසා ජින් කෑම කන්නවත් උනන්දුවක් නොකර ම ඇඳට වෙලා හිටියෙ තැනක් කියන්න බැරි විදියට මුළු ඇඟ ම රිදෙන නිසා....

නම්ජුන් කොහොමත් ගොඩක් ශක්තිමත්....රතු හඳ නිසා තවත්  කලබල වෙලා හිටිය නම්ජුන් හද බැහැලා යද්දි ජින්ව නොමරා මරලා තිබුණා.... ඒත් ඒ කොතනකවත් ජින්ට රිද්දන අදහසක් තිබුණෙ නැහැ කියලා ජින්ට හොඳට ම දැනුණා....උදේ ඇහැරෙද්දි නම්ජුන් තමන් ළඟ හිටියෙ නැති එකට ජින්ට දුක හිතුණත් ජින් බලන් හිටියා දවසෙම අඩුම එක වතාවක් නම්ජුන් ඇවිත් තමන්ට කොහොමද කියලා හොයලා යයි කියලා...ඒත් නම්ජුන් නිකමටවත් තමන් ඉන්නවද මැරිලද කියලවත් බැලුවෙ නැති වෙද්දි ජින්ට ඇඬුණා...

"ආහ්....ඔම්...මා..."
ඊයෙ දවසෙම මොනවත් ම කන්නෙ නැතිව ඉඳලා උදේ පාන්දර ම වමනෙ යද්දි ජින්ට දැනුණෙ උගුර පිච්චෙනවා වගේ...

ටික වෙලාවක් බිත්තියට වාරුවෙලා පපුව අතගගා ඉඳලා බිත්තිය අල්ලගෙන ම වගේ නාන කාමරෙන් එළියට ආවත් හැමදේම එක දෙක වෙලා පෙනෙද්දි ජින් පුටුවකට හේත්තු වෙලා ම බිම ඉඳගත්තා....එන්න එන්න දාඩිය දානවා වගේ දැනුණත් ජින්ට ඔලුව උස්සගන්න බැරි වුණේ ටිකින් ටික ඒ හීන් ඇස් පියවිලා ගිහින් හැමදේම කළුවර වෙලා යද්දි....

.

.

.

.

.

.

උදේ නින්ද ගියායින් පස්සෙ ආයෙමත් තමන්ගෙ මේඩ් ඇවිත් දොරට තට්ටු කරද්දි ඇහැරුණ ජින් හෙමින් මේස පුටුවලට වාරු වෙවී ගිහින් දොර ඇරියා...මේඩ් කෑම එක ගෙනත් තියලා නාන කාමරේ ජින්ට ඕන දේවල් ලෑස්ති කරලා ඇවිත් අද රාජ සභාවට අඳින්න ඕන ඇඳුම් ලෑස්ති කරද්දි ජින් ඇඟ සෝදන්න යන්න හැදුවත් මේඩ් කතා කළ නිසා ආයෙත් හැරුණා...

The Destiny's ChoiceWhere stories live. Discover now