1 කොටස

3.1K 162 11
                                    

ඒ කහ පාට ලොකු ලයිට් එළිය මගෙ මූණට වැටෙද්දි මට මැවි මැවී පෙනුනෙ මගෙ අහිංසක අම්මගෙ මූණ. කොච්චර කිව්වත් මම නම් මැරෙන්න බය නෑ කියල මගෙ අම්මව මතක් වෙද්දි අන්තිම හුස්ම පොදත් කොහොම හරි අමාරුවෙන් අල්ලගන්න මම උත්සහ කලා.

"හිම්ම අඩෝ හිම්ම උබට මාව ඇහෙනවද"

මම හිමින් හිමින් ඇස් දෙක ඇරිය. එකපාර මට පෙනුනෙ ලොකු කලු පාට බොලයක් නෑ ලොකු ඒ ඇස් දෙකක් බය උන පාරට මම එකපාර මගෙ ඔලුව කෙලින් කරා.

"ආව් හු*තො මගෙ ඔලුව"

මගෙ මූණට එබීගෙන හිටපු හසරැල්ගෙ නලලෙ වැදුන මාව ආයෙමත් කොට්ටෙ උඩට වැටුන.

" හසරැල් අපි මේ කොහෙද ඉන්නෙ "

"අනේ මේ උබ මෙතන බොරුවට ඩ්‍රාම කෑලි නම් දාන්න ලෑස්ති වෙන්න එපා බලපං උබට පිං සිද්ධ වෙන්න අපි ඉන්නෙ කුරුණෑගල මහ රෝහලේ "

"හරි මට කියපං මොකද උනේ ගොඩින් බේරුනාද නැත්නම් කේස් එක සීරියස්ද "

මම හසරැල්ගෙ බැන්ඩේජ් කරල තිබුන අත හිමීට අල්ලගන්න ගමන් ඇහුව. ඌටත් ලොකුවට අවුලක් නෑ වගේ මගෙත් දැනට නම් දකුණු කකුලෙ දණහිස ළගයි වම් අතයි විතරයි බැන්ඩේජ් කරල තිබුනෙ.

" කේස් එක! උබ අහන ලස්සන බලපං ඉතිං වෙලාවට ඒ ආපු කාර් එකේ එකා පොඩ්ඩක් ගහල හිටියෙ නැත්නම් තනිකර අපේ පිටින් යන්නෙ "

"හරි මොකද්ද උනේ දැන් ගෙවල් වලට ගිහින්ද සීන් එක "

මට ආයෙත් මතක් උනේ අම්මව චූටිගෙන් කීපාරක් ඇහුවද දන්නෙ නෑ මම තාම නැත්තෙ මොකද කියල.

....
"ආහ් මේ සිහිය ඇවිත් තියෙන්නෙ චන්ඩියට "

'දෙයියනේ මේ නම් ලංකාවෙ හොස්පිටල් එකක් වෙන්න බෑ ඇක්සිඩන්ට් එකෙන් මාව මැරිල මම පිටරටකවත් ඉපදිලාද' මට චණ්ඩිය කියාගෙන ආපු ඩොක්ටගෙ ලස්සන දැකල මට වචනත් කියාගන්න බැරි උනා.

" මොකද වචන එහෙම මතක නැද්ද චන්ඩියට කතා කරන්න "

"හි හ්.. නෑ ඩොක්ට මේ හි හ්..."

" කොහොමද? ලොකුවට කැක්කුමක් නම් නැතුව ඇති අපි පේන්කිලස් දීල තියෙන්නෙ අතෙයි කකුලෙයි x ray එකක් ගන්න තියනව යාලුවත් එක්කම යමු නේද ?"

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now