5 කොටස

845 121 17
                                    

"හිම්ම .. හිම්මා.. ඒ නැගිටපං කෝල් එකක්.."

හසරැල් රහසින් වගේ මාව හොල්ලනගමන් කතාකරනව ඇහුන මම හිමීට ඇස් ඇරිය.

"කවුද?"

හසරැල් මට ෆෝන් එක දෙන ගමන් හිමීට මල්ලි කියල කටින් සන් කලා.

"හෙලෝ චූටි "

"අයියෙ මේ අම්මට කතා කරන්න ඕනිලු. ඔයා කියන්නෙම නැතුව ආවෙ නැති එකට බය වෙලා. නින්ද යන්නෙත් නෑ, හිතට හරිනෑ කිය කිය ඉන්නව මේ කතා කරන්නකො."

ෆෝන් එක ගත්ත ගමන් මල්ලි හුස්මක්වත් ගන්නෙ නැතුව කියාගෙන ගියා.

"කෝ දෙන්නකො ෆෝන් එක "

"හෙලෝ...! ලොකූ උබ කොහෙද පුතේ ඉන්නෙ..."

"අම්මෙ මම මේ හොස්පිටල් එකට ආව යාලුවෙක් අසනීප වෙලා හදිස්සියෙ ළග ඉන්න උනා අම්මෙ.."

"මගෙ පුතාට කරදරයක් නෑ නේද ලොකූ මට හරි මූසල ගතියක් දැනෙනව... උබ හොදින් නේද"

"ඔව් අම්ම මං ඉන්නෙ මේ හොදට උදෙන්ම එන්නම් තව පැය කීයද උදේ වෙන්න ..කෝ අම්ම චූටිත් එක්ක නිදා ගන්න නැත්නම් අසනීප වෙයි"

"උබ කෑවද රෑට "

"ඔව් අම්මෙ ඒව හරි ..මම උදෙන්ම එනවනෙ අම්ම පරිස්සමට ඉන්න ..තෙරුවන් සරණයි "

"මගෙ පුතාටත් තෙරුවන් සරණයි "

අම්මට දිගටම බොරු කියන්න හිතදුන්නෙ නැති හින්දම මම ඉක්මනින් කතාව නතර කලා.

"අයියෙ මං තියන්නම් එහෙනම් හෙට මම එන්නද එක්කන් යන්න "

"නෑ නෑ හසරැල් එක්ක මම එන්නම් උබ දැන්වත් නිදාගනින්."

වෙලාව බලද්දි පාන්දර තුනටත් කිට්ටුයි. කෝල් එක කට් කරාටත් පස්සෙ මල්ලි අන්තිමට අහපු දේ මීටර් උනේ. ඒ කියන්නෙ මල්ලි දන්නවද මම ඇක්සිඩන්ට් උනේ කියල.

"ඒ හසරැල් මේ අහපංකො... උබ මල්ලිට සීන් එක කීවද?"

"ඔව් බං ඌට කියවුනා මං අතින් අවුලක් නෑ මම ශේප් කරා .. හෙට උදේම අපිට යන්න පුලුවන් වීල් එකක් දාගෙන යමු... අපේ අම්මලගෙන් තමයි ඊළගට බේරෙන්න බැරි වෙන්නෙ.."

"අපි උබේ බයික් එකට මොකද්ද බං කරන්නෙ..ඒක මොකෙක් හරි උස්සලද දන්නෙත් නෑ.. ඇක්සිඩන්ට් එක උන තැන සීන් එකක් ගියෙ නැද්ද"

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now