12 කොටස

637 110 27
                                    

පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ ආ....
පායන සඳ අඹරේ
බේදා ආගම් කුළ මල ඈ
නොතකා එක සේ සතර බෙදා //
ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
දත් මහ පඬුවන් බිහි කරවා
දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ

රන්දෙව් දිව්වත් එක්කම පාසල් ගීය ඇහෙන්න ගත්තෙ මේ අවුරුද්දෙ ක්‍රීඩා උත්සවේ නිළ වශයෙන් ඉවරයි කියන්න. හැමෝම ඉන්න තැන්වලම සීරුවෙන් හිටගත්ත. මටත් කරන්න දෙයක් හිතාගන්න බැරි උනා. ඒත් මට ඕනි උනේ රන්දෙව් කොහෙද ගියෙ කියල බලන්න.

ගීයෙ අන්තිම පද පේලිය කිව්වද නැද්ද කියල මට මතක නෑ මමත් රන්දෙව් දිව්ව පැත්තට දිව්ව. මම දන්නව අදින් පස්සෙ ආයෙ මට එයාව දකින්න අවස්ථාවක් නෑ කියන්න. ඉතිං මට ඕනි උනේ එහෙම අවස්ථාවක් හදාගන්න පුලුවන් වෙයිද කියල පොඩ්ඩක් උත්සහ කරන්න.

හතරවටින්ම කලුවර වැටිල ග්‍රවුන්ඩ් එක හරියෙ තිබුන ලයිට් වල එලිය එන්න එන්න අඩු වෙලා. රන්දෙව් දිව්වෙ මොන පැත්තටද කියල දැක්කත් කොහෙට ගියාද කියල මට හොයාගන්න බැරි උනා. පොඩිකාලෙ ඉදන් හැමතැනම කරක්ගැහුව ඉස්කෝලෙ ඇතුලෙම මම අතරමං වෙලා වගේ මට දැනුනෙ.

"අයියෙ... ?"

අන්තිමට මම හොයාගත්ත. වාහන පාක් කරල තිබ්බ පැත්තෙ ගල් බිත්තියට හේත්තුවෙලා සිගරට් එකක් කටේගහගෙන හිටිය අයියව මං දැක්කෙ සුදුපාට කලිසම නිසා. මම ළගට ගිහින් කතාකරත් මං දිහා හැරිලවත් බලන්න එයාට වුවමනාවක් තිබුනෙ නෑ.

"අයියෙ?..."

"අනේ අයියෙ මොකද්ද උනේ... කතාකරන්නකො"

බැරිම තැන මම ඒ උරහිසෙන් අල්ලල මගෙ පැත්තට හැරෙව්ව. මං දන්නෙ නෑ ඒ කලුවර නිසා මම දැක්ක විදියද කියන්න ඒත් හැමදාම ලස්සනට කතාකරන ඇස්දෙක රතුවෙලා පුංචිවෙලා තිබුන.

"උබ පලයන් ..."

"ඇයි අයියෙ කියන්නකො .. ඇයි එකපාර දුවගෙන ආවෙ.."

"අනේ මල්ලි පිංසිද්ද වෙයි පව් නොදී පලයන්කො මෙතනින්."

මං දන්නෙ නෑ මෙච්චර කියද්දිත් මම තාම මෙතන ඉන්නෙ ඇයි කියන්න. ඒත් බැරිවෙලාවත් මේක අපේ අන්තිම හමුවිම උනොත් මට ඕනි නෑ එයාගෙ හිතේ මං නරක මතකයක් වෙනවට.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now