25 කොටස

618 101 35
                                    

ශික්ෂණ රෝහල - කුරුණෑගල

සිංහල , දෙමළ , ඉංග්‍රීසි තුනෙන්ම ලොකුවටම බෝඩ් එකක් ගහල තිබුනත් මම ඒ කිසිදෙයක් කියවන්න ගියෙවත් ඒ දිහා බැලුවෙවත් නෑ. මම හොස්පිටල් එක ඇතුලට ගියෙ පුරුදුකාරයෙක් වගේ.

" ඒ කොල්ලො කොහෙද දුවන්නෙ.. ලෙඩ්ඩු බලන වෙලාව තාම ආවෙ නෑ.."

ලෙඩ්ඩු බලන වෙලාව ලං වෙනව කියන්නෙ සිකුරිටි එකේ උන්ට අරිශ්ටෙ පවර් එක එන වෙලාව. මුන් වෙද පප්පගෙ අරිශ්ටෙ බීල වගේ ෆෝම් වෙනව ඒ ටයිම් එකට.

" මම ලෙඩෙක් බලන්න නමෙයි ඩොක්ට කේසරව හම්බෙන්න .. "

" එහෙම ආවට ගියාට දොස්තර මහත්තුරු හම්බෙන්න බෑ.. ඔහොම නවතිනව... ඒයි කොල්ලො ඔහොම නැවතියන්...කොල්ලො..."

මම දුවගෙන ගියා ලිෆ්ට් එක එනකල්වත් ඉන්නෙ නැතුව මම පඩිපෙල දිගේ දුවගෙන ගියෙ මං ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට හිටපු වෝඩ් එකට. අර සිකුරිටි කාරය මං පස්සෙන් දුවන්නෙ නිකන් බෝම්බෙ පුපුරන්න කලින් ඌට සහරාන්ව අහු උනා වගේ. මගෙ පිටේ බෑග් එකක් තියා අතේ ශොපින් බෑග් එකක්වත් තිබුනෙ නෑ.

වාට්ටු අංක 12

සුදුපාට බෝඩ් එකේ කලුපාටින් ගහල තිබුන. මම කෙලින්ම ගියෙ නර්ස්ල හිටපු මේසෙ ළගට මේසෙ කිව්වට එතන නිකන් පොඩි ඔෆිස් එකක් වගේ. මං හිතන්නෙ වාට්ටුවට ගන්න අයව ලියාපදිංචි කරන්නෙ මෙතන වෙන්න ඕනි.

" මිස් ඩොක්ට කේසර ඉන්නවද?"

" ඔය ළමය කවුද? "

" මම ඩොක්ටගෙ යාලුවෙක්... "

මම එහෙම කිව්ව විතරයි මිසී මං දිහා බැලුවෙ නිකං රටම විනාස කරල මම තමයි හොදටම කරේ කිව්ව එකා දිහා බලන ගානට.

" යාලුවෙක්? "

" අනේ මිස් ඉක්මනින් කියනවද කේසර අයිය කොහෙද ඉන්නෙ කියල.."

මම වැඩේ ඉක්මන් කරේ සිකුරිටි කාරය ආවොත් වැඩේ දෙල් වෙනව කියල දන්න නිසා.

" ඩොක්ටව හම්බෙන්න විසිටර් කෙනෙක් ආව. මං හිතන්නෙ කැන්ටින් එකේ ඇති..."

දැන් මම ආයෙ පහලට යන්නෝනිද මේක නම් මං ලබා උපන් විදියද කොහෙද.. හැබැයි ඇතුල්වෙන තැනම ගාඩ් එකෙන් පැනගත්තට පස්සෙ ඇතුලෙ උන් එකෙක්ටවත් කවුරුත් ගැන ගානක් නෑ. මම කෙලින්ම ගියෙ 5 වාට්ටුව තියන පැත්තට ඒ පැත්තෙන් ගිහාම වටයක් උනත් ලිෆ්ට් එකට පැනගත්තට පස්සෙ කැන්ටිමට යන්න පුලුවන්.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now