21 කොටස

605 110 33
                                    

" පොඩ්ඩො මේ ඔයාට ගෙදරින් කෝල් එකක්. "

"මට..?"

සයුල් අයිය එයාගෙ ෆෝන් එක මගෙ අතින් තියල කිව්වම මට හීන් දාඩිය දාන්න ගත්ත. මේ ගමන ආවෙ ගෙදරට හොරෙන් වෙනකොට ගෙදරින් කෝල් එකක් කිව්වම බය නොවී තියෙයිද...

"හෙලෝ!"

" ලොකූ ඔයාගෙ ෆෝන් එක කෝ?"

චූටි කතා කරන්නෙ කලබලෙන් මම සාක්කුවට අතදාල ෆෝන් එක බැලුව . ඒක ඕෆ් වෙලා

"ලොකූ කොහෙද ඉන්නෙ? "

ෆෝන් එකෙන් ආවෙ අම්මගෙ කටහඩ. ඒක වෙනද වගේ නමෙයි. සැරයි, බයවෙලා වගේ

"අම්ම මම ඉන්නෙ හස.. "

" ලොකූ තවත් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. දැන්ම ගෙදර එනව මගෙ යකා අවුස්සගන්නෙ නැතුව !!!"

ෆෝන් එක කට් උනා. මේ මොකද්ද මේ උනේ කියලවත් මට හිතාගන්න බෑ. මේක ගැන දන්නෙ හසරැලුයි චූටියි විතරයි. ඒ දෙන්නම මට විශ්වාසයි ලීක් කරන්නෙ නෑ. අම්මට මෙච්චර තරහ ගිහින් කියන්නෙ වැඩේ බරපතලයි. ආයෙත් චූටිට ගන්න බෑ අම්මත් එතනම ඇති. ෆෝන් එක චාජ් කරගන්න විදියක් හොයාගන්න ඕනි.

සමහරවිට හසරැල්ගෙ අම්ම කෝල් කරල මම එහෙද කියල ඇහුවම ආවෙ නෑ කිව්වද දන්නෙ නෑ. හැබැයි එහෙම වෙන්න තියන චාන්ස් එක සීයට රින ගානයි. මොකද රේණුකා ඇන්ටිගෙන් අම්ම අපේ පුතා ඔහෙ ඇවිත් කරදරයක් ද කියල ඇහුවොත් අනේ නෑ මේ අපේ එකත් එක්ක ඉන්නෙ කියන ජාතියෙ එක්කෙනෙක්. පාවල දෙන්නෙ නෑ කීයටවත් පස්සෙ අහු උනාම ඕව ඔක්කොම ඇරියස් එක්ක අල්ලගන්න එක වෙනම කතාවක් හැබැයි ඒ වෙලාවට වැඩේ ශේප් කරල දෙනව.

කෝල් එක කට් උනාට පස්සෙ මගෙ අතේ තිබුන සයුල් අයියගෙ ෆෝන් එකත් අරන් මම එයාව හෙව්වත් පේන්න හිටියෙ නෑ. රන්දෙව්ව හෙව්වට එයත් නෑ. මගෙ ෆෝන් එක චාජ් කරගෙන හසරැල්ට හරි චූටිට හරි ගන්න ඕනි.

ෆෝන් එක චාජ් කරගන්න විදියක් හොයාගන්න කාවවත් මම අදුරන්නෙ නැතුවෙද්දි මම හෝල් එක පුරාම ඇස් යැව්ව. මේ දෙන්නත් කොහෙ ගිහින්ද මේ වෙලාවෙම . අනික සයුල් අයියගෙ ෆෝන් එකත් මගෙ අතේ.

"එක්ස්කියුස්මී අන්කල් මගෙ ෆෝන් එක චාජ් කරගන්න පුලුවන් වෙයිද? "

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now