6 කොටස

783 123 7
                                    

"හිම්ම උබ එන්න ඕනිනෑ. ආයෙ කා එකෙන් බහින්නයි නගින්නයි බෑනෙ මම යන්නම් ... අම්මලව ශේප් කරගන්න පුලුවන්... "

"ඔහොම ඉන්න මල්ලි මම එන්නම් "

හසරැල් මට එන්න එපා කියනවත් එක්කම ඩොක්ට කුමාරය හසරැල් එක්ක එන්නම් කිව්ව. එයා කාර් එකෙන් බැහැල හසරැල්ටත් දොර ඇරල දුන්නෙ උගෙ අත බැරි නිසා වෙන්න ඇති. දෙන්නම ඇතුලට ගිහාම ආයෙත් මම කා එක ඇතුලෙ තනි උනා.

දැන් ගෙදර ගිය ගමන් අම්ම මාව අතගාල බලනව කියල මතක් වෙද්දි මේ දේවල් අම්මගෙන් කොහොම හංගන්නද කියල මං කල්පනා කලා. කකුලෙත් තුවාලෙ නිසා වේදනාවක් ආවත් ඇතුලෙන් අස්ථි බිදීමක් වෙලා නැති නිසා අඩිය තියාගන්න පුලුවන්. ඒත් අත තමයි ටිකක් අමාරුවකට තියෙන්නෙ. පොඩි පොඩි සීරීම් තුවාල නම් හැමතැනම තිබුන. චූටි හරි මේක දැනගෙන ඉන්න එක ලොකු දෙයක් නැත්නම් එකපාර ඌ කෑ ගහන්න බැරි නෑ.

"මල්ලි ලොකු කල්පනාවක වගේ තාම කල්පනා කරන්නෙ තිස්ස එක ගැන ද?"

ඩොක්ට ඇවිත් සීට් එකෙන් ඉදගෙන මට කතාකරනකල් මම දැක්කෙ නෑ ඊටත් වඩා ආයෙත් හවුසස් වලට මරාගන්න මට මූඩ් එකක් තිබුනෙත් නෑ.

"නෑ ඩොක්ට අම්මල අවුලක් නැද්ද අරූගෙ "

"හහ් .. ඩොක්ට මොකද ළමයො තාම ඩොක්ට කියන්නෙ. මට කේසර අයිය කියල කියන්න .. යාලුවගෙ අම්මල නම් ගිය ගමන් යුද්දෙ පටන් ගන්න හැදුවෙ ඒත් මල්ලිගෙ අතයි මාවයි දැක්කට පස්සෙ ටිකක් ශේප් උනා. "

"ම්ම් ..."

ඌ නම් එහෙම හරි ශේප් උනා ඒත් මම මොකද්ද කරන්නෙ

"මොක්ද චණ්ඩිය සද්ද නැත්තෙ.."

"නෑ අනේ මම මේ කල්පනා කරේ ඔයාට කේසර අයිය කියනවද නැත්නම් කේසර මාම කියනවද කියල ..."

"ආහ් ඒකද දැන් තියන ප්‍රශ්නෙ මාව එච්චර වයසක විදියට පේනව නම් මාම කීවට කමක් නෑ ඉතිං.."

ඩොක්ට ඩ්‍රයිව් කරන ගමන් ඉස්සරහ බලාගෙනම කියෝනව මාත් ටිකක් එයා දිහා බලන් හිටිය. එයා ඇස් කොනින් දැකලද කොහෙද එකපාර මා දිහා බැලුව. මටත් පිස්සුද මන්ද ලස්සනයි කියල මේ මනුස්සය දිහා බලන් ඉන්න ඕනියැ.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now