16 කොටස

616 124 22
                                    

කිරි කෝඩු හිතට ආල නුඹේ
දෑස යා වුණා
මගෙ කෝල කමට ලෝල හැඟුම
නුඹට පේවුණා

සබඳේ.. සුවදේ.. කුළුඳුල් ආදරේ..
උතුරා.. යන මේ.. අම මී ජීවිතේ..

ටෞකනවනෙ ඉතිං මොනවද මේ සිංදු. මගෙ හැගීම් පාලනේ කරගන්න උපරිම ට්‍රයි එකක් දෙනකොට මේ වගේ සිංදුවක් ඇගෙනකොට මට ඉවසන් ඉන්න බෑ. මම ශේප් එකේ රන්දෙව් දිහා බැලුව මාව කොහෙ එක්කන් යනව ඇතිද. වැඩි ඈතක නමෙයි වගේ කුරුණෑගල කියන්නෙ මට ඇස් දෙක වහගෙන ඇවිදින්න පුලුවන් නගරයක්. දඹුලු පාරට දැම්මට පස්සෙ මට හිතාගන්න බෑ දැන් කොහෙ අරන් යයිද කියල

"අයියෙ අපි කොහෙද මේ යන්නෙ?"

බලන් ඉදල බැරිම තැන මම ඇහුවත් මේ යකා මුකුත්ම කියන්නෙ නෑ. දැන් ඉතිං මගෙත් ඉවසීම නැති වේගන එනව.

"බහින්න.."

ඇයි මට මෙතනින් බහින්න කියන්නෙ මට යන්න ඕනි මලියදේවෙට මේ පිස්සු අලිය මාව සර් ජෝන් එක ළගට අරන් ඇවිත් බහින්න කියනව.

"මට බෑ .. මාව අපේ ඉස්කෝලෙට ගිහින් දන්න"

"මට කතා කරන්න ඕනි බහින්න ... නැත්නම් කාර් එකට නැගපු විදියටම බහින්න ඕනිද?"

මාත් එක්ක කතා නොකර කීයටවත් ආපහු යන පාටක් නැති නිසා මම බැස්ස. මේක මාව එක්කන් ඇවිත් තියෙන්නෙ වෙලගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහ තියන චයිනීස් හට් එකට. යකෝ මෙච්චර ටවුමෙ තැන් තියනව මේ මනුස්සය මෙහෙට මාව එක්කන් ආවෙ ඇයි කතා කරන්න.

"ඉක්මනින් කියන්න.. මට පරක්කු වෙනව."

"මොකද දැන් ඉස්කෝලෙ හතහමාරට කලින් පටන් ගන්නවද .. වෙලාවට මම ඉස්කෝලෙ ළගින් දාන්නම්.."

"කියන්න තියන දෙයක් කරුණාකරල කියන්න අයියෙ ... "

" හරි ... ඉස්සර වෙලා ගන්නවකො ෆෝන් එක.."

ඔන්න ඉතිං තාත්ත වෙන්න යනව. කියන්න තියන දෙයක් කියන්නෙ නැතුව මොන වෙඩිමටද ෆෝන් එක. මමත් ඉදල ඉදල ලව් කරන්න තෝරගත්තෙ මරු එක්කෙනාව.

"මොන ෆෝන්ද .. ඉස්කෝලෙට ෆෝන් ගේන්නෙ නෑ කියල දන්නෙ නැද්ද?"

මට ඒක කියල ඉවර කරන්න හම්බුනේ නෑ රන්දෙව් මම ඉදන් හිටපු තැනට එහා පැත්තෙන් තියල තිබුන බෑග් එක අරන් ඒකෙ ශිප් එක ඇරල ඇතුලෙ පොකට් එකේ තිබුන මගෙ ෆෝන් එක ගත්ත.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now