7 කොටස

723 117 16
                                    

"හසරැල් උබ දැන් ඔය කොහෙද යන්නෙ?"

ගෙදරින් එලියට බැහැල සෙරෙප්පු දෙක දාන හසරැල් ළගට මම ගිහින් ඇහුවෙ මූට මෙච්චර තද වෙන්න දෙයක් මෙතන උනේ නැති නිසා. අනික ඔච්චරටම යන්න ඕනි නම් ඌත් එක්ක යන එක මට ප්‍රශ්නයක් උනේ නෑ.

"උබට වැඩක් නෑ ඒකෙන් උබ වෙනිවැල්ගැට ටික බීල නිදාගනිං"

ඌට නම් ඇත්තටම තද වෙලාද කොහෙද. නැත්නම් හසරැල් ඔහොම හැසිරෙන එකෙක් නමෙයි.

"හරි ඔහොම හිටපං ඉතිං ... මම ඇදුමක් දාගෙන එන්නම්"

හසරැල්ව නවත්තල මම පොඩි නොන්ඩියකුත් ගහ ගහ ගේ ඇතුලට යනවත් එක්කම ඉස්සරහට අම්මව හම්බුනා.

"කොහෙ යන්නද පුතේ උබල මේ අතපය අමාරු තියාගෙන. ලොකූ උබත් එක්ක මට කතාවකුත් තියනව..."

අම්මත් අපි ඉන්න තැනටම ඇවිත් හිටගෙන කිව්ව. මොකක් හරි නඩුවක් තමයි කියල ඉවෙන් වගේ තේරුන මම හිමීට අම්මට කිට්ටුකලා

"ඇයි අම්මෙ... ආව්ව්..!!!"

"ආහ් ඔන්න ඕක තමයි ... දැන් උබ කොයිවෙලේද මට ඕක කියන්න ඉන්නෙ"

මගෙ තුවාල උන අත අල්ලගන්න ගමන් අම්ම ඇහුවෙ කල්තියාම දැනගෙන උන්න දේකට නිදහසට කරුණු අහනව වගේ. මගෙ දකුණු අත අම්මගෙ ඇස් දෙක ඉස්සරහින් මම එහාට මෙහාට කලේ මම දන්නෙවත් නැතුව අම්මගෙ ඇස් දෙක පේන්න අරන්ද කියල බලන්න. මම එහෙම්ම හසරැල් ළගට කිට්ටු කලා.

"ඒහ් උබ කිව්වද උබත් එක්ක මාවත් හැප්පුනා කියල.." මම හසරැල්ගෙ කනට කිට්ටුකරල රහසින් අහපු එකට ඌත් රහසින්ම උත්තර දුන්න.

"මම කීව්ව හැප්පිල්ලක් නෑ බං මං කිව්වෙ බයික් එකෙන් වැටුන කියල.. හැබැයි මම උබගෙ කාමරේට එනකොටත් අම්ම හිටියෙ උබේ ඇදෙන් ඉදගෙන උබේ කකුල අතගගා.."

හසරැල් කියනකොට තමයි මට තේරුනේ අම්ම මෙච්චර වෙලා මේක දැනගෙන ඉදල තියෙන්නෙ කියල. දැන් ඉතිං අම්මවත් ශේප් කරගන්න වෙනව.

"මම උබට මුකුත් කිව්වෙ නැත්තෙ දැන් උබත් යමක් කමක් තේ‍රුම් ගන්න වයසක ඉන්න හින්ද. චූටිවත් බලාගෙන මං නැති දවසක ඉන්න ඕනි උබ. එහෙව් එකා කරගන්න පුලුවන් ඔක්කොම කරගෙන මගෙන් ඒව වහං කරගෙනත් ඉන්නවද දැං"

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now