20 කොටස

679 121 41
                                    

ගෙයක්ද , හොටෙල් එකක්ද , රෙස්ටුවරන්ට් එකක්ද මට හිතාගන්න බෑ. මොනව උනත් ඕලෙවල් ලියල blue sky එකේ තිබුන batch partyය ඇරුනම මම මේ වගේ තැන් වලට ගිහින් තියෙන්නෙ අතේ ඇගිලි ගානට.

මගින් මගට බය වෙන්න දෙයක් නෑ රන්දෙව් මාත් එක්කම ඉන්නව කියල කිව්වත් ඇතුලට ගිය වෙලාවෙ ඉදන් මට හිතුනෙ මම මෙතනට ගැලපෙන්නෙ නෑ කියල. මෙතනට ඇවිත් හිටිය පොඩිම එකා මම වෙන්න ඇති. මාව මොන මගුලකට මේකට එක්කන් ආවද මන්ද

"කාත් එක්කවත් වැඩිය කතාවට යන්න එපා. ඔයා පාටි එක එන්ජෝයි කරන්න."

"ඔයා කොහෙද යන්නෙ?"

"මම කොහෙවත් යන්නෙ නෑ."

කොහෙවත් යන්නෙ නෑ කිව්වත් රන්දෙව්ව හැමෝම වටකරගෙන කතාව. මාත් අයිනක් අල්ලල ඉදගත්ත.

"ඒ.. පොඩි ඇටයො උබ එන්නෙ නෑ කිව්වනෙ.."

සයුල් අයිය කවුද මන්ද කෙල්ලෙක් එක්ක ඇවිත් මට කතා කලා. ඒ සයුල් අයියගෙ කෙල්ලද දන්නෙ නෑ මොනව උනත් ලස්සනයි.

"කවුද කිව්වෙ ?"

"රනේ කිව්වෙ උබ එන එක ශුවර් නෑ කියල..."

"ආහ්.. මේ ආවනෙ ඉතිං..."

සයුල් අයිය මාත් එක්ක ටිකක් කතා කර කර ඉදල වෙන පැත්තකට යන්න ගියා. දැන් නම් මේක පට්ට බෝරින්.

"ආහ් පුතා අපි ආයෙත් හම්බුනා එහෙනම්.."

මට මේ මනුස්සයව මතකයි. මේ ඉන්නෙ එදා ස්පෝට්මීට් එක දවසෙ රන්දෙව්ව එක්කන් යන්න ආපි අන්කල්. මූණ බලාගෙන අන්කල් කියන්නත් බෑ මේ මනුස්සය ලස්සනයි.

මට කියන්න දෙයක් නෑ මම පොඩි හිනාවක් දාල මං ළග තිබුන බීම එකෙන් උගුරු දෙකක් බිව්ව.

"පුතාගෙ ගෙවල් කොහෙද?"

"මම කුරුණෑගල අන්..." අයියෝ මම මොකද්ද කියන්නෙ අන්කල් කියනවද සර් කියනවද මොන සර්ද අන්කල් කියනව.

"චූටි මාමි දැන්ද ආවෙ... සීයපපා බලන් ඉන්නව අපි යමු"

වෙලාවට කතාව දුරදිග යන්න කලින් රන්දෙව් ඇවිත් කතාකලා.

"මේ දරුවවත් එක්කන් යනවද කොල්ලො..."

"හ්ම්ම් ඔව් ඒකට තමයි මේ අද ආවෙ.."

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now