13 කොටස

672 116 25
                                    

"චූටි ... චූටි මොකද මේ..? චූටි මොකද උනෙ කියපං..."

"සයුරු මොකද මේ.... චූටි !!!"

බෝගන්විලා මල් වවල තිබුන සුදුපාට ලොකු මල්පෝච්චි පහුකරන් මම දිව්ව. මට ඕනි උනේ ඉක්මනට යාලුවො ඉන්න තැනකට යන්න. මගෙ ජීවිතේ මම අකමැතිම දේ උනේ තනිවෙන එක. ඒත් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ දුවගෙන යන මගෙ ඇගේ ඇවිත් හැප්පුනේ සුදුපාට ස්කූල් යුනිෆෝම් එක ඇදන් හිටපු කොල්ලෙක් ඌට පිටිපස්සෙන් තව කොල්ලෙක් දුවන් ආව.

ඒ සයුරු ... එතකොට මගෙ ඇගේ හැප්පුනේ???

මම එහෙම්ම බිම වැටිල හිටපු කොල්ල දිහා බැලුව. චූටි !! ඌ අඩනව. බිමවැටුන පාරට අඩන ඇඩිල්ලක් නැමෙයි ඒක.

"චූටි නැගිටපංකො වස්තුවේ... ඇයි මේ උබට රිදෙනවද?"

දැන් මටත් ඇඩෙන්න වගේ. අප්පච්චි නැතිඋන දවසට පස්සෙ මූ මෙහෙම අඩනව මම දැක්කමයි. මගෙත් හිත අවුල් ගහල තියෙද්දි චූටිත් මාව බදාගෙන අඩන්න ගත්තහම මගෙ ඇස් දෙකෙනුත් කදුලු ආව.

"අයියේ ... අනේ අයියෙ මාව ගෙදර එක්කන් යන්නකො"

"හරි .. හරි ශ් ශ්... හරි අපි යමු ..ගෙදර යමු ..කෝ අඩන එක නවත්තන්නකො.."

මම චූටිගෙ පිට හිමීට අතගෑව. සයුරු ඉන්නව අපි දිහා බලාගෙන ඌ දන්නව ඇති මොකද්ද උනේ කියන්න. ඒත් දැන් ඕව අහන්න බෑ. චූටිම හිමීට මට කියයි.

***

Randev's pov

හිමාශු ! හිමාශු නිර්වාන්! එහෙනම් ඒක තමයි අර හැමවෙලේම මාව කන්න වගේ බලන් ඉන්න පොඩි ඇටයගෙ නම.

එදා ඇක්සිඩන්ට් වෙලා මගෙ අත් දෙකෙන්ම උස්සන් ගිය එකා ආයෙමත් මම දැක්කෙ සයුල්ගෙ ගෙදරදි. ඒ වෙනකල් මට ඌ එක්ක අවුලක් තිබ්බෙ නෑ. ඒත් එදා ඌ කේසර එක්ක මොනවදෝ කිය කිය හිනාවෙනව දැක්කම මාව අවුරුදු තුනක් අතීතෙට ගියා. ඔව් මට මතක් උනේ එයාව. හිනාවෙද්දි පුංචිවෙන ඇස් තිබුනෙ එයාට. හිනාවෙද්දි කම්මුල් දෙක පිරුනෙ එයාගෙ. ඒ කාලෙ මතක් වෙලා දන්නෙම නැතුව මගෙ ඇස් දෙකට කදුලුත් උනල තිබුන.

"හෙලෝ සීයපපා..."

"මම මේ කුරුණෑගල සයුල්ගෙ ගෙදර ඉන්නෙ...."

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now