24 කොටස

592 100 20
                                    

අම්ම එක්ක තරහ උනේ පළමු වතාවට ..
දුකක් දෙන්නෙපා දෙයියෝ අසරණ කොල්ලට...

නින්දත් නොනින්දත් අතරෙ හිටපු මාව ඇහැරුනේ සිංදුවක් කියාගෙන කාමරේට ආපු හසරැල් නිසා.

" ඈ යකෝ අපේ නින්දත් නැති කරල උබ හොදට පුප උඩදාගෙන නිදි .. නැගිටපං "

" උබ මෙච්චර උදෙන් මෙහෙ මොකද කරන්නෙ ..."

" මහ උත්තමයට හීල් දානෙ ඇන්න ආව... අනේ මේ හිම්ම මගෙන් කුණුහරප නාහ නැගිටපං.."

මම ඈලි මෑලි කඩල ඇදේම ඉදගත්ත. හසරැල් කාමරේ තිබුන පිටුවත් අරන් ඇවිත් මගෙ ඉස්සර ඉදගත්තෙ සෑහෙන ලොකු නඩුවක් කතා කරන්න වගේ.. ඒ ගමන මූ අපෙ අම්මටත් හපන් උනානෙ ...

" මේ ඒක නමෙයි අම්ම මොකෝ.. උබ එද්දි හම්බුනාද?"

"ඈ පගෝ ඒ මගෙ අම්මද උබෙ අම්මද? මම අහන්න ඕනි ඒවනෙ තෝ අහන්නෙ..."

"හරි හරි ඊයෙ සුදුනෝනට ටිකක් අවුල් ගිහින් මාත් එක්ක තරහ වෙලා.. උබේ ගෙදර යනව කිව්ව හින්ද උබ එක්ක අවුලක් නැද්ද.."

" මාත් එක්ක අවුල් ගන්න උබ අපේ දිහා ආවෙ නෑනෙ ටුඩුමහත්තයො ..."

" මට තේරෙන්නෙ නෑ බං .. ඊයෙ තරන් අපේ අම්ම තරහ අරන් ඉන්නව මං දැකලම නෑ... අනික..රන්දෙව්"

" ආ ආ මේ ඔය අලි පුකාව මතක් කරන්න එපා මට ... පුදුම ලොකුකමක්නෙ ඒකගෙ තියෙන්නෙ හිතන් ඉන්නෙ අලි පුකෙන් ආව කියල.."

ඒ පාර මූ රන්දෙව්ටත් බනින්න පටන් ගත්ත.

" උබට මොකද එයා කරේ.. අනික රන්දෙව් කියන්නෙ පෙන්නන තරන් නරක මනුස්සයෙක් නමෙයි බං..."

" මේ අහපංකො උබට අම්ම කිරි දුන්නෙම නැද්ද බං උපන්දා ඉදන්ම කෑවෙ තනකොලද? ... තනකොල මිටියක් පාවෙනව නම් උඩපැනල කන්නෙ.. ගොනා"

හසරැල් මගෙ ඔලුවටත් එකක් ගහල උගෙ ෆෝන් එක අරන් මොනව හරි හොයන්න පටන්ගත්ත.

" මේන් බලපං උබේ මහලොකු සත්‍යප්‍රේමබුන්ගරාජයගෙ වැඩ.."

හසරැල් පෙන්නුවෙ ආටිකල් එකක පෝස්ට් එකක්, ඒක දැක්ක මට හීන් දාඩිය දාන්න ගත්ත. මට මතක් උනේ ඊයෙ රෑ උන දේවල්. ඒව ඇත්තටම උනේ නැද්ද .? ඒ මම දැකපු හීනයක්ද?

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now