22 කොටස

597 105 45
                                    

"ඇයි උබ නොකිව්වෙ මේ ගමන ආවෙ අම්මට හොරෙන් කියල?"

"මං එච්චර ලොකුවට හිතුවෙ නෑ අයියෙ .. අනික අම්මට කිව්ව නම් එන්න දෙන්නෙ නෑ කොහොමත් "

" දැන් ගෙදරින් කේස් එකක් යයිද? "

" ඓහෙම ලොකු අවුලක් නැති වෙයි. අම්මට බොරු කිව්ව නිසා ටිකක් තරහ ගිහින් ඇත්තෙ.."

"මට අපේ එකා කෝල් කරල කිව්වෙ උබලෑ මල්ලි කතා කරල විස්තරේ කියල ඌට.."

" ඒ කියන්නෙ මේක දැන් නොදන්න කෙනෙක් නැද්ද?"

ශික් මට නිකන් ආවෙ කොල්ලෙක් එක්ක පැනල ගිය කෙල්ලෙක් වගේ ෆීලින් එකක්. මෙච්චර නටන්න දෙයක් නෑනෙ අනේ...

"අයියෙ ..."

"ම්ම්.."

මට රන්දෙව් ගැන අහන්න ඕනි ඒත් සයුල් අයිය කිසි ගානක් නැතුව ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරනව. එකපාරම අහන්නත් මොකද්ද වගේ.

" ඇයි? "

" අයිය කොහෙද ගියෙ මට ෆෝන් එක දීල මම හැමතැනම හෙව්ව "

" ආහ් මම යාලුවෙක් ව කැබ් එකකට දාන්න ගියා "

" යාලුවෙක් ව?"

"ඔව් අර මන් එක්ක හිටපු ගර්ල් "

"ආහ් ඒ යාලුවෙක් ද මම හිතුවෙ.."

" මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලද? "

මං කියන්නත් කලින් ඉතුරු ටික සම්පූර්ණ කරල සයුල් අයිය හිනාඋනේ හෙන විහිලුවක් කරා වගේ.

" අයියෙ ..."

" ම්ම්.. මොකෝ..?"

" බඩගින්නක් ලෝඩ් වෙනව වගේ..."

"උබ කෑවෙ නැද්ද මෙච්චර වෙලා ඉදල "

" නෑනෙ ..."

" තව ටිකකින් හොද තැනක් හම්බෙනව මොනව හරි කමු.."

"හ්ම්ම්... අයියෙ.."

" ඒ පාර මොකද? "

" රන්දෙව් අයිය මාත් එක්ක තරහින්ද ?"

" ආහ් ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට ... මෙච්චර වෙලා තැටබුවෙ ඌ ගැන අහන්නනෙ..."

" නෑ අනේ..."

" ඌ සෑහෙන්න තරහින් ඉන්නෙ.. හැබැයි උබ එක්ක නමෙයි අර චතුර කාරයත් එක්ක..."

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now